![]() |
Meaning of this word is Japanese language |

මට දැන් ඊලඟ දවස එනකම් ඉන්නම බැහැ. මට එයාව ආයෙත් මුනගැහෙනකම් ඉවසගෙන ඉන්න බැහැ. මම වෙනදටත් වඩා ඉක්මනට ලැබ් එකට ගියා. සාමන්‍යයෙන් ජපන් ශිෂ්‍යයො සම්මන්ත්‍රණ හරි දේශන හරි නැත්නම් පර්යේෂනාගාරයට එන්නෙ උදේ 10 පහු වුනට පස්සෙ. මම උදෙන්ම ගියාට කවුරුවත් නැහැ. මම දැන් රූම් එකේ දොර ඇරෙන හැම වෙලාවෙම ඔලුව උස්සල බලන්නෙ එයාද කියල. නමුත් එයා නෙවෙයි . මට හරිම පාලුවක් දැනෙනව. හිතත් හරිම කලබලයි. අයිසාව ලැබ් එකට එන්නෙ කොයි වෙලාවෙද කියලයි මම හිත හිත ඉන්නෙ. උදේ දහයත් පහුවුඅනට පස්සෙ අයිසාව ලැබ් එකට ආව. එයාඅ අනිත් අයට " ඔහයියෝ ගොසයිමස් (ගූඩ් මොර්නින්ග්) කිව්ව. ඒ අයත් "ඔහයෝ" කිව්ව. නමුත් මට කට හොල්ලනවත් පන නැහැ වගෙ. එයා දිහාව කෙලින් බලන්නත් මොකක්ද වගේ. මම ඔලුවවත් උස්සල බැලුවෙ නැහැ. නමුත් මගෙ යටි හිත හරියට වද දෙනව. මම කොහොමද මෙයා එක්ක කතා කරන්නෙ කියල. අයිසාව හරිම ලස්සනයි. මේ කතාවෙ තව ගොඩක් දේවල් තියෙනව. එ වුනත් මට එක දෙයක් ලියන්න ඕනි. අයියට මම මගෙ මුලු හිතින්ම ආදරේ කලා. අයියට තරම් මම කාටවත් මගෙ ජීවිතෙටම ආදරේ කලේ නැහැ.ඒ උනත් අයියට තිබුනු ආදරේට ඉතාම කිට්ටු ආදරයක් මගෙ තිබුනෙ අයිසාවට ට විතරයි. මම අයියට වගේම අයිසාවට ආදරේ කලා. නමුත් මොනව හරි වෙනස් දෙයක් මේ ආදර දෙක අතරෙ තිබුන. මට තේරෙන්නෙ නැහැ වෙනස මොකක්ද කියල. ඒ කාලෙ අයියව දකිනකම් මට ඉවසුමක් නැහැ.
අයිය දවසක් හරි දැක්කෙ නැත්නම් මට එදාට නින්ද යන්නෙත් නැහැ. මට අයිසාව ගැනත් තිබුනෙ මේ වගේමා හැඟීමක්. අයිසාව දවසක් හරි කැම්පස් ආවෙ නැත්නම් මට මුලු ලෝකයම පාලු වෙලා වගේ දැනෙනනව. අයිසාව ලැබ් එකේ ඉන්නවනම් මට කාලෙ යනව දැනෙන්න්නෙ නැහැ.වසර විසි දෙකක් ඉක්මවල ගියත් ඒ ආදරේ තවමත් එහෙම්මම තියෙනව. පලමු හමුවීමෙන් පස්සෙ අයිසාව එක්ක වචනයක් හරි කතා කලේ ඊට මාසෙකට විතර පස්සෙ. මට අයිසාව දකිනකොට මොකක්දෝ අමුත්තක් දැනෙන්නව. කතාකරන්න ගටක් එන්නෙ නැහැ. වෙන ජපන් ශිෂ්‍යයො එක්ක නම් කෙලින්ම කතා කරනව. අයිසාවට කතා කරන්න බයයි. අයිසාව මුනගැහෙනකොටම මගෙ ඇඟට පොඩි හිරිවැටීමක් වගේ එකක් දැනෙන්නව. කකුල් පන නැති වෙනව වගේ වෙනව. මේ විදිහට දින ගනන් ගෙවිල ගියා. ඔහොම ඉන්නකොට මගෙ ජීවිතේ තවත් ලස්සන දවසක් උදා උනා. එදා ලැබ් එකේ ඔක්කොම දවල්ට කන්න එලියට ගිහින්. මම හිටියෙ තනියම. සාමන්‍යයෙන් දවල්ට කන්න යනකොට ලැබ් එකේ අය ගෲප් එකක් විදිහට තමයි යන්නෙ. ජපන් අය කතා කරන හැම දෙයක්ම මට තේරුනේ නැතිඋනාට මමත් ඒ අය එක්කම තමයි යන්නෙ. මොනව හරි එකක් වෙලා එදා මට ගෲප් එකත් එක්ක දවලට කන්න යන්න බැරිඋන. නමුත් මගෙ ජීව්තේට ලස්සන දවසක් එන්න, ලස්සන යුගයක් උදාවෙන්න එදා කන්න නොගිය එක පිටුවහලක් උනා. ඒ දවස මට අදටත් අමරනීයයි. මගෙ ආදර අයිසාව එදා තමයි මට දෙවෙනි දවසට කතා කලේ.

හැමෝම ලන්ච් එකට ගියත් මට එද එයාල එක්ක යන්න බැරිඋන. ඒ නිසා මම අපේ පශ්චාත් උපාධි ශිෂ්‍යයින්ගෙ කාමරේ හිට්ය. එහෙම ඉන්නකොට අයිසාව රූම් එකට ආව. එයත් එයාගෙ ලැබ් එකෙ පර්යේෂණ කර කර හිටපු නිසා කට්ටියත් එක්ක ලන්ච් එකට යන එක මිස් වෙලා. එයා මගෙන් ඇහව්ව කට්ටිය කොහේද කියල. මම කිව්ව එයාල ලන්ච් එකට ගිහින් කියල. මට දැන් මගෙ ඇඟ දනව වගේ දැනෙනව. මම අයිසාව එක්ක කාමරේ තනිවෙලා නිසා මොකක්දෝ අමුතු හැඟීමක් තියෙනව. මට හරියට කතාකරන්නවත් ගට නැහැ වගේ. මට අයිසාව අල්ලල බදාගන්න ඇත්නම්. අනේ මම එච්චර පින් කරල නැහැනෙ. ඉතින් අයිසාව ඇහැව්ව ලන්ච් එකට යමුද කියල. මට සන්තෝසෙ කියල නිම කරන්න බැහැ. මම අයිසාවත් එක්ක මගෙ ලෝකෙ තනිවුනා. මට හිතාගන්නත් බැහැ මේක ..මට හිතුනෙ හීනයක් කියල...ඉතින් අපි දෙන්න ලන්ච් එකට යන්න ගියා. අපි එලියට යනකොට කැම්පස් එක පුරාම ස්ටුඩන්ට්ස්ල එහෙ මෙහෙ යනව. මට හිතුනෙ හැමෝම අපි දිහා බලා ඉන්නව කියල. මට හිතට හරි ආඩම්බර ගතියක් ලැබුන. එයාල හිතනව ඇති ලස්සන ජෝඩුවක් යනව කියල. මට ආසඉ අයිසාවට තව ටිකක් කිට්ටු වෙලා ඇවිඩින්න. ඒත් ඉතින් එක පාරට්ම එහෙම කරන්නත් බැහැනෙ. කොහොම උනත් මගෙ හිතේ සතුට දෝරෙ ගලනව. කට්ටිය එක්ක ලන්ච් එකට නොගිය එක කොච්චර දෙයක්ද. අපි සාමාන්‍යයෙන් ලන්ච් එක ගන්නෙ කැම්පස් එක ඇහුලෙ තියෙන ආපනශාලා වලින් එකක. කැම්පස් එක ඇතූලෙ ආපනශාලා 7ක් 8ක් විතර තියෙනව. ඒව ලංකාවෙ කැම්පස් වල කැන්ටීන් වගේ නෙවෙයි. හරියට නිකන් ලංකාවෙ තරු පහේ හෝටල් වල ආපනශාලා වගෙ. ලස්සනට සරසල හොඳ මේස පුටු තියල, ලස්සන ලස්සන බල්බ්ස් දාල මුලු රෙස්ටුරන්ට් එකම ලස්සනට එලිය කරල. අනෙක ඔක්කොම වේටර්ස්ල යුනිෆෝම් එකෙන් ඉන්නෙ. පිරිමි වේටර්ස්ල සුදු ශර්ට් ඇඳල ටයි දාල, කෝර්ට් එකකකුත් දාගෙනයි වැඩ කරන්නෙ.
අපි කැම්පස් එකේ රෙස්ටුරන්ට් එකට කිට්ටු වෙනකොට අයිසාව ඇහැව්ව අද එලියෙ රෙස්ටුරන්ට් එකකින් කමුද කියල. සාමාන්‍යයෙන් කැම්පස් එක කිට්ටුව තියෙන වීදි වල ගොඩක් රෙස්ටුරට්ස් තියෙනව. ඒව කැම්පස් එක ඇතුලෙ තියෙන රෙස්ටුරන්ට්ස් වලට වඩා ටිකක් ඇඩ්වාන්ස් අනෙක මිලත් ටිකක් වැඩි. ජපනුන්ට නම් ඕනතරම් සල්ලි තියෙන නිසා උන් නිතරම ඒ වගෙ රෙස්ටුරන්ට්ස් වලින් කනව. නමුත් විදේශීය ශිෂ්‍යයො බලන්නෙ ශිෂ්‍යත්වෙන් ලැබෙන සල්ලි කොහොම හරි ඉතුරු කරගෙන තමන්ගෙ රටට අරන් යන්න.
![]() |
University restaurant |

ඉන්පස්සෙ අයිසාව මට ටික ටික ලන්වුනා. මටඉසඔ ලඟ ඉන්නකොට දැනෙන්නෙ පුදුම සතුටක්. එයා එක්ක තනිවෙන්න මම හැමවිටම ආස කලා. ඒක පුදුම විදිහෙ ආදරයක්. ඒ වගේ හැඟීමක් මට තිබුනෙ අයිය ගැන විතරයි. අයිසාව මට වඩා බාලවුනාට එයා මට වඩ උසයි මහතයි. හරිම ලස්සන ඇඟපත. ඒ වගෙම හැන්ඩ්සම් මූන. අයිසාව ඉන්නෙ වෙනම ලැබ් එකක. එයා ගොඩක් මහන්සිවෙල වැඩ කරන කෙනෙක්. අනෙක එයාගෙ ප්‍රොෆ් කාරයත් හරිම ස්ට්‍රික්ට්. ඒ හන්ද කෑම වෙලාව ගැනවත් එයාට ඒ තරම් හැඟීමක් නැහැ. කට්ටිය කන්න යන්න ලැහැස්ටි වෙනකොට මම අයිසාවගෙ ලැබ් එකට ගිහින් එයාටත් කතකරනව එකට කෑමට යමු කියල. කට්ටිය එක්ක එකට ගියාට මට හිත තියෙන්නෙ අයිසාව ගැන විතරයි. නමුත් මොකක්දෝ අමුත්තක් හිතේ තියෙන හඳ එයාට කතා කරන්න බයයි. ඒ හන්ද මම බොහෝ වෙලාවට කරන්නෙ කා එක්කවත් කතා නොකර නිහඬව ඉන්න එක. රෙස්ටුරන්ට් එකට ගියහම මට ලොකුවට ඕනි අයිසාවට අල්ලපු පුටුවෙ වාඩිවෙන්න. ඒ වුනත් සමහර වෙලාවට ඒ චාන්ස් එක නැතිවෙනව. මට එයා වෙන කෙනෙක් ලඟ වාඩිවුනහම හිතට දුකක් දැනෙනව. පොඩි ඉරිසියාවකුත් දැනෙනව. දව්සක් අයිසාව කිව්ව පිටට ගිහින් කමු කියල. ඒ හන්ද අපි දෙන්න කාටවත් නොකිය තනියම රෙස්ටුරන්ට් එකකට ගියා. අපි එලියට ආවට පස්සෙ අයිසාව කිව්ව කාර් එකෙන් කොහේ හරි යමු කියල. ඒ හන්ද අපි දෙන්න එයාගෙ කාර් එකෙන් ටිකක් දුර තියෙන රෙස්ටුරන්ට් එකකට ගියා. මට පුදුම සතුටක් තමයි තිබුනෙ. අයිසාව එක්ක තනියම කාර් එකේ ගිහින් තනියම රෙස්ටුරන්ට් එකක ලන්ච් එක ගන්නකොට මට පුදුම සතුටක් ලැබුන. මගෙ ප්‍රාර්ථනා ටික ටික හරියනව කියල මට හිතින.
ඉන්පස්සෙ නිතරම වගෙ අපි දෙන්න තනියම ලන්ච් වලට ගියා. මම කරන්නෙ කට්ටිය ලන්ච් එකට යන්න කිට්ටුවෙනකොට පුස්තකාලෙ පැත්තට යනව. එතකොට මට පුලුවනි එයාලව මග හැරල ඉන්න. මම පුස්තකාලෙ පොත් රාක්ක අතරෙ හැන්ගිලා ඉඳල ඒ අය ලන්ච් එකට ගියාට පස්සෙ ආපහු රූම් එකට යනව. මම ඉන්පස්සෙ අයිසාව එනකම් රූම් එකේ ඉන්නව. මම අයිසාවට අඟවන්නෙ බැරිවීමකින් කට්ටියව මිස් වුනා කියල. ඉන්පස්සෙ අයිසාව ආවහම මම එයත් එක්ක තනියම ලන්ච් එකට යනව. දැන් ඇත්තටම මම ගෙවන්නෙ හරිම පුදුම සොඳුරු කාලයක්. මට පැය 24ම මතක් වෙන්නෙ අයිසාව. එයා කැම්පුස් ආපු නැති දවසට හරි පරක්කු වෙන දවසට හරි මගෙ හිතට පුදුම පාලුවක් දැනෙනව. ඒත් මගෙ හිතේ තියෙන දේ එයාට කියාගන්නෙ කොහොමද කියල මම හැමවිටම ලතවෙනව. එයා කැම්පස් එන්න පරක්කු වෙනවනම් මම කැම්පුස් එක ඉස්සරහ මේන් රෝඩ් එකට ගිහින් එයාගෙ කාර් එක එයිද කියල බලාගෙන ඉන්නව. දවසක් මම කට්ටිය මගහරින්න ලයිබ්‍රරි එකට වෙලා හිටිය. එදා අයිසාවා ලැබ් එකෙන් කලින් ඇවිත් කට්ටිය එක්ක ලන්ච් එකට ගියා. නමුත් එයාවත් අනිත් අයවත් මම ගැන හොයල බැලුවෙ නැහැ. මට එදා හරිම හිත් වේදනාවක් ආව. ඇයි අයිසාවා ඔයා මා ගැන හෙව්වෙ නැත්තෙ?, මමනම් කවදාවත් ඔයාට cකෝල් නොකර යන්නෙ නැහැ. ඇයි ඔයා මට එහෙම කලේ. මගෙ හිතට එදා දැනුනෙ පුදුම හිතේ අමාරුවක්. මට තේරෙනව දැන් දැන් ආදරයෙ වේදනාව දැනෙන්න පටන් අරන් කියල. ආදරය කියන්නෙ පුදුම දෙයක්. පොඩි දේවලින් පවා වේදනාව දැනෙනව. මට එදා ගෙදර ගියහම ඇඬුන. අයිසාවා ටිකක් අමුතු ගති තියෙන කෙනෙක්. මට එයාව තේරුම් ගන්න හරි අමරුයි. එයාට මම ගැන මොන විදිහට හිතනවද කියල තේරෙන්නෙ නැහැ. එයා අනිත් අයට වඩා ගොඩක් වෙනස් විදිහට තමයි මගෙත් එක්ක ආස්‍රය කරන්නෙ. ඒත් සමහර වෙලාවට මාව ගනන් ගන්නෙත් නැතිව ඉන්නව. සමහර වෙලාවට මාව හොයාගෙන ගෙදරටත් එනව. අනේ මන්ද මේව කොහෙන් කෙලවර වෙයිද කියල. එයා සමහර වෙලාවට කියනව එයා එක්ක තනියම රෙස්ටුරන්ට් එකකට ගියා කියල කාටවත් කියන්න එපා කියල. අනේ මන්ද එයා එහෙම කියන්නෙ ඇයි කියල. මටනම් පුදුම සතුටක් තියෙන්නෙ මම එයා එක්ක කොහේ හරි ගියා කියල අනෙත් අයට කියන්න. එහෙම වෙලාවට මට හරි ආස්වදයක් තියෙනව. මට හිතෙනව එයාල මට ඉරිසියා කරනව කියල. මගෙ අයිසාවා මම ඔයාට ආදරෙයි රත්තරන්......
ඉතින් අයිසාවා ගැන කියන්න ගොඩක් දේවල් තියෙනව. කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද කියල හිතාගන්න බැහැ. අපි සමහර දවස්වලට කැම්පස් එකේ රෙස්ටුරන්ට්ස් වලින් කන්නෙ නැතිව කාර් වලින් කොහේ හරි පිට දිහාවකට ලන්ච් වලට ඩිනර්ස් වලට යනව. මට කාර් එකක් තිබුනත් ස්ටූඩන්ට් පාස් නැති හන්ද කැම්පස් එක ඇතුලට එන්න බැහැ. අයිසාවටයි තවත් කීප දෙනෙකුටයි පාස් තියෙන හන්ද කාර් එකෙන් තමයි එන්නෙ. ඉතින් ඒ අය තමයි අනෙත් අයවත් දාගෙන රෙස්ටුරන්ට්ස් වලට යන්නෙ. මම නිතරම ට්‍රයි කරන්නෙ කොහොම හරි අයිසාවගෙ කාර් එකට නගින්න. සමහර වෙලාවට අපි ටෙන් පින් බෝලින්ග් ගහන්න හරි, ටෙනිස් ගහන්න හරි යන්නෙත් ඒ විදිහට එකට. මම අයිසාවට ගොඩක් අදරේ කලස්ට මම වැඩිපුර කතාබහ කරන්නෙ මගෙ ලැබ් එකේම ඉන්න චීන කෙනෙක් එක්ක. එයාගෙ නම ලී. ළී මට කලින් කැම්පස් එකට ආපු කෙනෙක් හන්ද එයාට මට වඩා ජපන් පුලුවන්. අනෙක චීන අයගෙ අකුරුයි ජපන් අයගෙ අකුරුයි එකම දේවල් හන්ද චීන අය ඉක්මනට ලියන්න කියවන්න පුරුදු වෙනව. ඉතින් මම අයිසාව එක්ක ගොඩක් කිට්ටු හන්ද ලීත් ටික ටික අයිසාව එක්ක යාලුවුනා. මට මේ ගැන හරිම බයක් ඉරිසියවක් ආව. මට බයයි ලී එයා අල්ල ගනී කියල. අනෙක චීන අයයි ජපන් අයයි පාට එක වගේනෙ, මම දුඹුරු පාට හන්ද අයිසාවා මට අකමැතිවේද කියලත් බයක් තිබුන. ඉතින් දවසක් අපි රෙස්ටුරන්ට් එකකට යන්න ගියා. ලී පැනල අයිසාවගෙ කාර් එකේ ඉස්සරහ සීට් එකේ ඉඳගත්ත.

මට හරිම අප්සෙට්. මම කරන්න දෙයක් නැති හන්ද තව ජපනෙකුත් එක්ක පස්සෙ සීට් එකේ වාඩිඋනා. මට දැන් හරිම හිතට දුකයි. මම මූඩ් ගහල පස්සෙ ඉන්නව මිසක් වචනයක්වත් කතා කලේ නැහැ. එයාල තුන්දෙනා එක එක දේවල් කතාකර කර ගියා. මම ලන්ච් එක ගන්න වෙලාවෙත් හිටියෙ කතා නොකර. මම හිතන්නෙ අයිසාවාටත් ඒක තේරුනා. නමුත් එයාට තේරෙන්නෙ නැහැ. ඇයි මම අප්සෙට් ගහල ඉන්නෙ කියල. ඉන්පස්සෙ දවසක මොකක් හරි අපි දෙන්න අතර ප්‍රස්නයක් උනා. එවෙලෙ අයිසාව මට හරියට දොස් කිව්ව. එයා මාව රෙස්ටුරන්ට් එකකට අරන් ගියහම ඒ රෙස්ටුරන්ට් එකේ මෙනූ එක හොන්ද නැහැ කියනවලු, මෙනූ එක සිලෙක්ට් කරන්න ගියහම එයාට බාරදීල පස්ස ගහනවලු කිය කියා මට දොස් කිව්ව. එදා කාර් එකෙ ගිය වෙලාවෙත් අප්සෙට් මූඩ් එකේ ගියෙ එයාට රිදවන්නලු කියල. ඉතින් එදා හවස මම ඉංග්‍රීසි වලින් ලිපියක් ලියල එයගෙ ගෙදරට තැපැල් කලා. ඊට දවස් දෙකකට පස්සෙ ඒ ලිපිය ලැබිල. පස්සෙ කැම්පස් එකේදි අයිසාව මගෙ ලඟට ඇවිත් කිව්ව කතා කරගන්න දෙයක් තියෙනව මගෙ ගෙදරට යමු කියල. ඉතින් යනගමන් එයා පොත් සාප්පුවකින් ඩික්ෂනරි එකකුත් ගත්ත. ඉන්පස්සෙ එයා මගෙ රූම් එකට ගිහින් ඩික්ෂනරි එකෙන් වචන හොය හොයා මට බැන්න. මගෙ හැසිරීම හොඳ නැතිලු
![]() |
Similar to Aizawa"s feet |
එයාට රිදවන්නලු මම හැමවිටම බලන්නෙ, එයාව අප්සෙට් කරනවලු..කොහොම වුනත් මම බැනුම් අහගෙන හිටිය. මට බැන්නත් එයා මගෙ රූම් එකට ඇවිත් මගෙත් එක්ක තනියම ඉන්න හන්ද මට හිතට හරි සන්තෝසයි. එයාට මම තේ හදල බොන්න දුන්න. එයා මේස් ගලවල මගෙ ඇඳ උඩ ඉන්දගෙන හිටියෙ. රෝසපාට යටිපතුල් දකිනකොට මට ඉවසගෙන ඉන්න බැහැ. දනගහල එයාගෙ කකුල් දෙක කට ඇතුලෙ දාල උරන්නමයි හිත. පුදුම ලස්සනක් තමයි ටියෙන්නෙ. එයාගෙ යටිපතුල් හරිම ලස්සනයි. කකුල් වල මවිල් පිරිල. යටිපතුලෙ මාපට ඇඟිල්ල උඩත් මවිල් ගොඩක්. ඒ වගෙම මාපට ඇඟිල්ලෙ ඉඳල ඈන්කල් එකට ලඟට වෙනකම් මවිල් වලින් පිරිල. ඒ විදිහට මවිල් තියෙන යටිපතුල් වලට මම හරිම ආසයි. කොහොම උනත් එදා සිද්දිය එතනින් ඉවරයි.
ඉන්පස්සෙ අපිට වැකේසන් එකක් ආව. නිවාඩු කාල වලදිත් මාස්ටර්ස් සහ PhD ශිෂ්‍යයො කැම්පස් ඇවිත් රිසර්ච් කරනව. ඉතින් එයා මට කිව්ව කොහේ හරි යමු කියල. මට සතුට කියල නිම කරන්න බැහැ. මගෙ පන වගේ ඉන්න එයත් එක්ක කාර් එකේ ඩ්‍රයිවු එකක් කරන්න තියෙනවනම් මට වෙන මොනවත් ඕනි නැහැ. එයාම කිව්ව හකොනෙ කියන තැනට යමු කියල. හකොනෙ වලට තෝකියෝ ඉඳල කිමී100ක් විතර තියෙනව. හකොනෙ කියන්නෙ උනුදිය උල්පත් ගොඩක් තියෙන සංචාරක පරාදීසයක්. ගොඩක් අය ග්‍රීස්ම සෘතුවට හකොනෙ යනව. ඊලඟ දවසෙ උදෙන්ම එයා මගෙ රූම් එකට ආව. අපි දෙන්න හකොනෙ යන්න පිටත් උනා. කිමී100 උනාට ජපානෙ පාරවල් වල වාහන වැඩි හන්ද යන්න සෑහෙන වෙලාවක් යනව.
![]() |
Hakone, Japan |
මේ වෙනකොට මම එයාට කියලත් තිබුන ගෙදරින් මට ප්‍රොපෝසල් එකක් ගෙනත් තියෙනව කියල. ඒ හන්ද එයා හිතන්න නැතිව ඇති මම සමලිංගික කියල. මම ආපහු එන ගමනෙදි එයා කිව්ව මට අද ගමන හරි සන්තෝසයි මොකද " මම ඔයාට ආදරෙයි" කියල. එයා ඒක එතරන් ගනන් ගත්තෙ නැහැ. එයා කිව්ව ආදරේ කරන්න ලඟදි වයිෆ් කෙනෙක් ලැබෙනව නේද කියල. මට ටිකක් ඒකට අප්සෙට් උනා. අපේ අම්මල මොන එහෙකට මට ප්‍රොපෝසල් ගෙනාවද මන් දන්නෙ නැහ. මට මතක්වෙනකොටත් එපා වෙනව. අපෝ මම කොහොමද ගැහැනියක් එක්ක ඉන්නෙ. මම බැන්දාල් වයිෆ් ආවොත් මම කොහොමද අයිසාව එක්ක සෙක්ස් කරන්න පටන් ගන්නෙ. මට එයා නැතිවෙලා යයිද. ඇනේ ඒකනම් වෙන්න දෙන්න බැහැ. මට කොහොම හරි අයිසාව මගෙම කරගන්න ඕනි. අයියට පස්සෙ මම මගෙ මුලුහිතෙන්ම ආදරේ කරන්නෙ එයාට විතරයි. වයිෆ් ජපන් ආවත් මම කීයටවත් අයිසාව පිට කෙනෙකුට අයිති වෙන්න දෙන්නෙ නැහැ. love you more than my life itself my Aizawa....
ඉතින් ඉන්පස්සෙ නිතරම මම අයිසාවාත් එක්ක එක එක ගමන් ගියා. ගොඩක් වෙලාවට ලන්ච් එකට යන්නෙ අපි දෙන්න තනියම. මට පුදුම සතුටක් තමයි තියෙන්නෙ. ඒ වුනත් තවමත් මගෙ හිතේ තියෙන දේ ඉටු කරගන්න උනේ නැහැ. දැඑන් මගෙ ලවු එකට මාස 6ක් විතර වෙලා. ඒ වුනත් එයා මම ගැන හිතන්නෙ මොනවද කියල මට හිතාගන්න බැහැ. එයා කොහේ හරි යන්න කතා කරන්නෙ කාටත් හොරෙන්. අපේ ගෙදරට එන්නෙත් අනිත් අයට හොරෙන්. මොනව උනත් අපි දෙන්න ගොඩක් ලන්වෙලා හිටිය.

අයිසාව ගැන කියන්න දේවල් ගොඩක් තියෙනව. මම ඒව වරින් වර පස්සෙ ලියන්නම්. මේ අතරෙ මට මගෙ විවාහය රෙජිස්ටෙර් කරන්න ලංකාවට යන්න උනා. ඒ විස්තර මම පසුව ලියන්නම්. මම මගුල් මුද්ද ඕඩර කරනකොට තවත් මුද්දක් ඕඩර් කලා. ඒ මුද්ද මගෙ ආදර අයිසාවට. මගෙ ලියාපදිංචිය ඉවර උනාට පස්සෙ මම ආපහු ජපානෙට ආවෙ ඒ මුද්දත් අරන්. මම අයිසාවට් මගෙ කාමරේට එන්න කියල මගෙ අතින්ම ඒ මුද්ද එයාගෙ ඇන්ගිල්ලට දැම්ම. මට එවෙලෙ දැනුන සතුට කියල නිම කරන්න බැහැ. ඉතිරි දේවල් පස්සෙ ලියන්නම්.
ජෝතිපාල ගයන අයුබෝවන් සින්දුව මුලුමනින්ම මගෙයි අයිශාවගෙයි ආදරේ ඉතාම පැහැදිලිව අර්ත නිරූපනය කරල තියෙනව. අපි දෙන්නත් සෑහෙන්න සින්ජුකු සහ වෙනත් උයන් වල ඇවිදල තියෙනව. ලස්සන ආපනශාලා වල එකට කෑම කාල තියෙනව. කබුකි වලට නොගියත් වෙනත් සංගීත සන්දර්ශන වලට එකට ගිහින් තියෙනව. බුලට් ට්‍රේන් වල උමන් දුම් රිය වල එකට වාඩිවෙලා ගිහින් තියෙනව. ඒ හැම දෙයක්ම මට ඉතාම මිහිරි අතීතයක් ඉතුරු කරල තියෙනව.
ආයුබෝවන් ආයුබෝවන් ජපන් සබඳ සයොනාරා
සකුර මල් ලොව මල් කුමරා
පෙම් සිහින සැබෑ වේවී
තෝකියෝවේ හමුවුන දවසෙදි
ලස්සන අවන් හලේ
මිහිරැති මල්සර බැල්මක් හෙලලා
මගෙ හද වසඟ කලේ
පෙරතක දෙදෙනෙකු අතරේ
ආදර උනුසුම පැතිරේ
ලියවෙයි ඉර හඳ අතරේ
මේ ලස්සන කතන්දරේ
කබුකි බලන්නට ගියහැටි සිහිවේ
ලස්සන උමං රියේ
සින්ඡුකු උයනේ සක්මං කලහැටි
මතකයි වසන්තයේ
හත්දින්නත් තරැ මානේ
මගෙ ජීවන් අහස් තලේ
වෙන්වීම දුකයි සොයුරේ
මගෙ දෙනෙතට කඳුලු පිරේ
ජෝතිපාල ගයන අයුබෝවන් සින්දුව මුලුමනින්ම මගෙයි අයිශාවගෙයි ආදරේ ඉතාම පැහැදිලිව අර්ත නිරූපනය කරල තියෙනව. අපි දෙන්නත් සෑහෙන්න සින්ජුකු සහ වෙනත් උයන් වල ඇවිදල තියෙනව. ලස්සන ආපනශාලා වල එකට කෑම කාල තියෙනව. කබුකි වලට නොගියත් වෙනත් සංගීත සන්දර්ශන වලට එකට ගිහින් තියෙනව. බුලට් ට්‍රේන් වල උමන් දුම් රිය වල එකට වාඩිවෙලා ගිහින් තියෙනව. ඒ හැම දෙයක්ම මට ඉතාම මිහිරි අතීතයක් ඉතුරු කරල තියෙනව.
ආයුබෝවන් ආයුබෝවන් ජපන් සබඳ සයොනාරා
සකුර මල් ලොව මල් කුමරා
පෙම් සිහින සැබෑ වේවී
තෝකියෝවේ හමුවුන දවසෙදි
ලස්සන අවන් හලේ
මිහිරැති මල්සර බැල්මක් හෙලලා
මගෙ හද වසඟ කලේ
පෙරතක දෙදෙනෙකු අතරේ
ආදර උනුසුම පැතිරේ
ලියවෙයි ඉර හඳ අතරේ
මේ ලස්සන කතන්දරේ
කබුකි බලන්නට ගියහැටි සිහිවේ
ලස්සන උමං රියේ
සින්ඡුකු උයනේ සක්මං කලහැටි
මතකයි වසන්තයේ
හත්දින්නත් තරැ මානේ
මගෙ ජීවන් අහස් තලේ
වෙන්වීම දුකයි සොයුරේ
මගෙ දෙනෙතට කඳුලු පිරේ
No comments:
Post a Comment