Thursday, 24 July 2014

42. සදාදර අයිසාවගේ වෙන්වීම හා ලන්වීම..දෛවයේ සරදම



මම ඉසඔ (අයිසාව )  ගැන වැඩිපුර ලිව්වෙ නැහැනෙ. අයියට තරම්ම මම මේ ලෝකෙ ආදරේ කලේ ඉසඔට විතරයි. මම ඉසඔට මගෙ අදහස දැනුන් දෙන්න කොච්චර නම් උත්සහ ගත්තද. 
නමුත් ඉසඔට ගෙ බලාපොරොත්තුවගැන කිසිම වැටහීමක් නැහැ. නමුත් මට එයාව තේරුම් ගන්න හරි අමාරු උනා. එයා නිතරම මාව හම්බවෙන්න එන්නෙ වෙන අයට හොරෙන්. මාව එයාගෙ කාර් එකේ දාගෙන කොහේ හරි එක්කර ගෙන යන්නෙත් අනෙත් අයට හොරෙන්. ඒ උනත් එයාට මා ගැන අදහසක් තියෙනව කියල මට අඟවන්නෙ නැහැ. කොහොම උනත් ඉසඔ MSc.විතරක් කරල දුර පලාතකට රැකියාවට ගියා. මම PhD එක කරන නිස එහෙම්මම හිටිය. ඒ වුනත් ඉසඔ  ගමේ  ආපු හැම වතාවකම මාව බලන්න ඇවිත් අපේ ගෙදරින් කෑම කෑව. නැත්නම් අපි කොහේ හරි ඇවිදීන්න ගිහින් රෙස්ටුරන්ට් එකකින් කෑම කෑව. මේ විදිහට කැම්පස් එකෙන් අවුට්  වෙලත් අපේ මිත්‍රත්වය  තියාගත්ත. නමුත් එතනින් එහාට යන්න මම දරපු හැම උත්සාහයක්ම කඩවෙලා ගියා. මම කෙලින්ම එයාට මගෙ අදහස දුන්නනම් සමහර විට අපි දෙන්නට සෙට් වෙන්න තිබුන. නමුත් මට එයාව නැතිවෙයි කියන බයට මගෙ අදහස කෙලින්ම දැම්මෙ නැහැ. අනෙක සින්හල කෙනෙකුටනම් ඔය වගෙ අදහසක් දාන්න අපි ක්‍රම දන්නවනෙ. නමුත් ජපනෙකුට අදහස දාන්න ගිහින් වැරදීමක් උනොත් ඔක්කොම ඉවරයි. ඒ නිසා මම කාලයට ඉඩ දීල ප්‍රාර්තනාවන් හිත ඇතුලෙම තියාගෙන ඔහේ හිටිය. මම PhD ඉවර කරල රක්සාවට ආවට පස්සෙ ඉසඔට තෝකියෝ  වලට ස්ථාන මාරුවක් ලැබුන. එයා තෝකියෝ  වලම වෙන පැත්තක රජයේ නිල නිවාස වල නතර උනා. ඉතින් ඔය අතරෙත් අපි නිතර මුන ගැහුන. නිතර ෆෝන් කලා. කාලය ඔහොම ගෙවිල යද්දි මගෙ හිත මටම පාලනය කරගන්න බැරි මහ කාලකන්නි දවසක් ආව. මම එවෙලත් ගෙදර හිටියෙ. ලමයි දෙන්න හොඳටම පොඩි අය. මේ ෆොටෝ එකේ ඉන්න කෙනා  තරම් ඉසඔ මහත නැති උනාට මුහුනුවරයි, කොන්ඩෙයි, කටයි, කන්නඩි දැම්මහම පෙනුමයි ගොඩක් සමානයි. 



යිෆ් කොහේ හරි ගිහින් හිටියෙ. මට හිතුන ඉසඔට කෝල් කරල මගෙ ආදරේ ප්‍රකාස කරන්න. ඉතින් මම කෝල් කලහම ඉසඔ ෆෝන් එක ගත්ත. ඔය කාලෙදි ඉසඔ එයාගෙ රූම් මේට් එක්ක මොකක්ද ගෝරියක් දාගෙන ටිකක් අප්සෙට් පිට හිටියෙ. මම කෝල් එක අරන් " අයිසාවා  සන් වතශි හ කිමිනො කොතෝ වො  අයිස්තෙරු" කිව්ව. ඒකියන්නෙ " අයිශාවා සන්  මම ඔයාට ආදරේ කියල. ඉසඔ කිව්ව ෆෝන් එක හරියට ඇහෙන්නෙ නෙහෙ. පස්සෙ කතා කරන්නම් කියල. ඊට විනාඩි 5කට විතර පස්සෙ ඉසඔ කතා කලා. ඉසඔ කිව්ව මම දැන් කාර් එකට ආව මොනවද අර කලින් කිව්වෙ කියල. මම කිව්ව මෙතන දැන් ලමයි දෙන්න ඉන්නව ඒ හන්ද මොනවත් කියන්න බැහැ කියල. ඒ වෙලවෙ ඉසඔ  මීට පස්සෙ ඔහොම දේවල් කියන්න එපා කියල ලයින් එක කට් කලා. මම දැනගත්ත වැඩේ ඉවර තමයි කියල. ඒ උනත් දැන් කරන්න දෙයක් නැහැනෙ. කොහොමටත් නොලැබෙන දේනෙ කියල හිත හදාගන්න උත්සාහ කලා. ඒවුනත් මට ඉසඔ කොහොමටවත් අමතක කරන්න බැහැ. ඒ නිසා මම ඊට පස්සෙ කීප වතාවක්ම එයාට කතා කලත් එයා ෆෝන් එකට ආන්ස්වර් කරන්නෙ නැහැ. අන්තිමට මම වේදනාවෙන් උනත් නැවත කතා නොකරන්න තීරනය කලා. ඊට මාස 5කට විතර පස්සෙ මට ඉසඔ නොදැක ඉන්නවත්, කතා නොකර ඉන්නවත් බැරි උන හන්ද කතා කරල බලන්න හිතුන. මම මුලින් මගෙ මොබයිල් ෆෝන් එකෙන් කතා කල. නමුත් එයා මගෙ නම්බර් එක බ්ලොක් කරල. ඒ හන්ද මම තීරනය කලා ඔෆිස් එකේ ෆෝන් එකෙන් කතා කරන්න ඕනි කියල. මම ඔෆිස්  එකේ ෆෝන් එකෙන් කතා කලත් එයා ආන්ස්වර් කලේ නැහැ. නමුත් ටික වේඅවකින් අපේ ඔෆිස් එකේ ජෙනරල් නම්බර් එක ඔපෙරේට් කරන ලේඩි නිවේදනය කලා ඉසඔ කියල කෙනෙකුට කවුරු හරි ෆෝන් කලාද එයා අනෙත් පැත්තෙ ලයින් එකේ ඉන්නව කියල. හැමෝම කිව්ව නැහැ කියල. මට දැන් කර කියාගන්න දෙයක් නැහැ. කතා කලේ මම කියල ඉදිරිපත් වෙලා ෆෝන් එක ගත්තහම ඉසඔ මම කෝල් කරපු බව දැනගෙන පිස්සුවක් නටල ඔෆිස් එකටත් මගෙ ගැන කියයි කියල මට බය හිතුන. ඒ හන්ද මම සද්ද නැතිව හිටිය. ඉන්පසුව ඉසඔ සමග කොනෙක්සන් එක මුලුමනින්ම කැඩිල ගියා.




2004 අවුරුද්දෙ මම ඕස්ට්‍රේලියා වලට මයිග්‍රේට් කරන්න තීරනය කලා. ඒ නිසා ජොබ් එකෙන් අස්වෙන්න  ලියුම් දීල  ගෙඩර බඩුයි වයිෆ්ගෙයි මගෙයි වෙහිකල් දෙකයි ඔක්කොම නැවු සමාගමක් හරහා ඕස්ට්‍රේලියාවට  යැව්ව. නැවුගතකරල  ඉවර වෙලා අපේ  නියමිත ගුවන් ගමන් දවස එනතුරු දින දහයක් අපිට ඉන්න උනා.  එහෙම උනේ නැවුගත කරන දිනය ගැන තීරනයක් නොතිබුන හන්ද. අනෙක අපි ඕස්ට්‍රේලියාවට යන්න කලින් කොරියාවෙ සති දෙකක් නතර වෙන්න සැලසුම් කරල තිබුනෙ.දැන් අපිට ඉඳගන්න පුටුවක්වත් නැහැ. බඩු ඔක්කොම යවල. අන්තිම මොහොත වෙනකම් අපි ෆෝන් එක විසංධි කලෙත් නැහැ. ඉතින් දෛවයෙ සරදමකට වගේ යන්න දින දෙකකට කලින් මට කෝල් එකක් ආව. මට මාවම විස්වාස කරන්න බැරි උනා. ඉසඔගෙ මිහිරි  කටහඬ. පහුගිය මාස ගනනාවෙම අහන්නම ආසාවෙන් හිටපු කටහඬ. මට සතුටද දුකටද, බයටද මන්ද ඇස් දෙකට කඳුලුත් ආව. ඉසඔ ඇහැව්ව හුඟ කාලෙකින් විස්තරයක් නැහැ. කොහොමද ජීවිතේ කියල. මම කිව්ව අපි අනිද්දට ජපානෙන් යනව කියල. ඉසඔට පුදුමයි. සමහර විට ඉසඔ හිතන්න ඇති එයා හන්දයි මම ජපානෙන් යන්නෙ කියල. එයා අමුතු විදිහට හුස්මක් ගන්නව මට ඇහුන. ඉන්පස්සෙ සද්දයක් නැහැ. ටිකකට පස්සෙ ඉසඔ ඇහෙව්ව දැන් ඉන්නෙ කලින් ගෙදරද කියල. මම කිව්ව නැහැ අපි ගෙවල් වෙනස් කලා කියල. පස්සෙ ඉසඔ කිව්ව „ මට ඇඩ්‍රස් එක දෙන්න මම දැන් එනව . හැබැයි මෙතන ඉඳල පැයක් විතර යනව කියල . ඒ දවස්වල වින්ටර් එක. හැමතැනම හිම වැටිල සුදුම සුදුයි. ඉසඔ කියපු විදිහටම රෑ 10:30 ට විතර මෝටර් බයික් එකකින් අපේ ගෙදරට ආව. කාර් වලින් එන්න ගියොත් ගොඩක් වෙලා යන හන් එයා සයිකල් එකෙන් ආවෙ. අපේ ගෙදර ඉඳගන්නවත් තැනක් නැහැ. ඉසඔ දැක්කහම මගෙ සතුට කියල නිමකරන්න බැහැ. මට එයාව බදාගෙන ඉඹින්න හිතුන. නමුත් වයිෆුයි ලමයි දෙන්නයි ඉන්න නිසා මොනවත් කරන්න විදිහක් නැහැ. මම කිසිම දෙයක් මුහුනෙන් පෙන්නුවෙ නැහැ. මම පරන දේවල් වලට හිත අප්සෙට් එකෙන් අමුතු විදිහට හිටියොත් වයිෆ් වුනත් අමුතු විදිහකට හිතන්න පුලුවන්නෙ. ඒ නිසා මම සාමාන්‍ය විදිහට ඉසඔ එක්ක කතා කලා. මටනම් මේ වුනදේ හිතාගන්නවත් බැහැ. මම හිතුවෙ ආයෙත් මගෙ ජීවිත කාලෙදි ඉසඔ දැකගන්න ලැබෙන එකක් නැහැ කියල. මම ඒ තරම් පවු කරල නැහැ. දෙවියො උනත් මගෙ දිහාව බලල අන්තිම මොහොතෙදි මගෙ රත්තරන් ඉසඔගෙ මූන පෙන්නුව. 
ඉසඔ එනකොට මට ගොඩක් වටින SEIKO වර්ගයෙ අත් ඔර්ලෝසුවකුයි, ජපන් ස්ටයිල් එකේ සෙරමික් ටී සෙට් එකකුයි ගෙනැල්ල තිබුන. මම අදටත් ඒ ඔර්ලෝසුව පන වගේ ආරක්ෂා කරනව. ටී සෙට් එකනම් ඕස්ට්‍රේලියාවට හරියන්නෙ නැති හන්ද තවමත් පෙට්ටිය පිටින්ම ගේ ඇතුලෙ තියෙනව. ඊට දින දෙකකට පස්සෙ අපි ජපානෙන් පීටත් වෙලා කොරියාවට ඇවිත් ඉන්පස්සෙ ඕස්ට්‍රේලියාවට ආව .

ඕස්ට්‍රේලියාවට ඇවිත් මාස දෙකකට විතර පස්සෙ ඉසඔගෙන් කෝල් එකක් ආව. ඉසඔ කිව්ව එයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ලැබිල ඉන්නව ලඟදි මැරි කරනව කියල. මට හිතට හරිම වේදනාවක් ආව. මම මුලු හිතින්ම ආදරේ කරපු ඉසඔ වෙන කෙනෙක්ව බඳින්න යනව. නමුත් දෛවය ඔහොම තමයි. ඒ වෙනකොට ඉසඔට වයස 37 නිසා මම හිතුවෙ කවදාවත් බඳින එකක් නැහැ කියල. මම එයාට සුභ පතල  මැරි  කලාට පස්ස්සෙ ඕස්ට්‍රේලියා එන්න කියල කිව්ව. හරියට 2004 අගෝස්තු වල ඉසඔ මට ෆෝන් කරල කිව්ව එයාලගෙ වෙඩින් එක ජනවාරි තියෙනව, ජපානෙ චරිත්‍ර වලට අනුව බෙස්ට් ෆ්‍රෙන්ඩ් කතාවක් කරන්න ඕනි නමුත් ඔයාට ජපානෙට එන්න බැරි හන්ද කතාව ඉංග්‍රීසි  වලින් ලියල ජපන් පරිවර්තනයකුත් එක්ක හොටෙල් රිසෙප්සන් එකට එවන්න කියල. ඒ හන්ද මම අපේ යුනිවර්සිටි ලයිෆ් එකේ ඉඳල වෙච්ච හැම දෙයක්ම ලියල ඉසඔගෙ තියෙන හොඳ ගති ගැන ලොකු වර්නනාවක් එක්ක ලියුම ලියල හොටෙල් එකට තැපැල් කලා. එදා වෙඩින් එක දවසෙ එයාගෙ වයිෆ් මා වෙනුවෙන් ඒ ලියුම හැමදෙනාම ඉදිරියෙ කියෙව්වලු. ඊට කලින් අවුරුද්දෙ තමයි ලන්කාවෙ ට්සුනාමි එක උනේ. ට්සුනාමි එක අවෙ 2004 දෙසැම්බර් වල.  2005 ජනවාරි වල ඉසඔ මැරි කලා. ට්සුනාමි එකට ටික දවසකට කලින් ඉසඔ කිව්ව මැරි කරල හනිමූන් එකට ඕස්ට්‍රේලියා එනව කියල. ඒ හන්ද ජනවාරි වල ඉසඔ සිඩ්නි ආව. එයාල දවස් දෙකක් හොටෙල් එකක හිටිය. ඉන්ප්සස්සෙ දවස් දෙකක් cකපල් එක අපේ ගෙදර හිටිය. මට හරිම සතුටුයි. පැය  විසි හතරම ඉසඔ මගෙත් එක්ක එකම වහලයක් යට. අපි ඒ දින ටිකේ ගොඩක් එන්ජෝයි වුනා. මගෙ කාර් එකෙන් අපි ගොඩක් තැන්වල ගියා. දවස් දෙකක් ඉසඔ ජෝඩුව අපේ ගෙදර ඉඳල ආපහු ගියා. ඊට පස්සෙ දවසෙ අපි රූම් එක අස් කරනකොට කොට්ටෙ යට ලියුමක් තිබුන. එ සමග ඩොලර් 150කුත් තිබුන.ලියුමෙ ලියල තිබුන මේ සල්ලි ට්සුනාමි අරමුදලට දෙන්න කියල. මම ඒ සල්ලි ලංඅක්වෙ ට්සුනාමි  අරමුදලය්ට යැව්ව. මම ඉසඔ අපේ ගෙදර හිටපු දවස් දෙකේ ගොඩක් සතුටු උනාට එයාගෙ වයිෆ් ඉසඔගෙ ඇඟේ තැවරි තැවරි ඉන්න එක බලාගෙන ඉන්නම බැරුව හිටියෙ. එතකොට මගෙ හිතට අමුතුම වේදනාවක් ආව. මම ඉසඔගෙ ඇඟේ ඔය විදිහට තැවරි තැවරි ඉන්න මොනතරම් පෙරුම් පුරාගෙන හිටියද? 

ඉන්පස්සෙ ඉඳල අද වෙනතුරු ඉසඔ හැමදාම  මට SMS කරනව. 2004 ඉඳල අද වෙනතුරු හැම දවසකම මට එයාගෙන් මැසේජ් එකක් එනව. නමුත් අද වෙනතුරු ආදරෙයි කියලනම් කියල නැහැ. නමුත් මමනම් යවන හැම එකකම මම ඔයාට පනටත් වඩා ආදරෙයි. පැය විසි හතරම ඔයා ගැනම තමයි හිතන්නෙ කියල ලියනව. නමුත් එයා ඒව ලියන්න එපා කියන්නෙත් නැහැ. එයාගෙ පැත්තෙන් මට එවැනි දේවල් ලියන්නෙත් නැහැ. සමහර වෙලාවට ෆෝන් එකෙනුත් කතා කරනව. අපි දෙන්න මුලින්ම මුන ගැහුනෙ 1992දි. අද වෙනකම් අපි තවමත් හොඳින් ඉන්නව. මගෙ ඉසඔ ගැන තියෙන බලාපොරොත්තුවත් තවම අයින් කරල නැහැ.  කවද හරි මගෙ හිතේ තියෙන ඉසඔ එක්ක සෙක්ස් කරන්න තියෙන ආසව ඉටුකරගන්නවමයි. මගෙ දැන් ඉන්න ඔසී බෝයිෆ්‍රෙන්ඩ් මාව 2007දි  ජපානෙට එක්ක ගියා.   ජපානෙ ගමනටයි ජපානෙ හිටපු කාලෙටයි එයා තමයි ඔක්කොම වියදම් කලේ. ඒ ගිය වෙලාවෙත් මම ඉසඔ මුන ගැහුන. ඉසඔ රෑ අපි හිටපු හොටෙල් එකට ආව. ඉසඔයි මමයි ලොබි එකෙ කතා කර කර ඉන්න අතරෙ මගෙ බෝය්ෆ්‍රෙන්ඩ් නිදිමතයි කියල රූම් එකට ගියා. මම ඉසඔට කිව්වෙ නැහැ මම බොය්ෆ්‍රීන්ඩ් ( දැන් එයා මගෙ හස්බන්ඩ්)  එක්ක ඉන්නෙ එක රූම් එකේ කියල. ඇත්තටම අපි හිටියෙ ඩබල් බෙඩ් එකක. මම ඉසඔට ඇඟෙව්වෙ අපි ඉන්නෙ රූම් දෙකක කියල. එයා මගෙ බෝයිෆ්‍රෙන්ඩ්ඩ් කියල දැනගන්න ඉඩ තිබ්බෙත් නැහැ. මම කිව්වෙ ඔෆිස් එකේ කෙනෙක් කියල. මගෙ හස්බන්ඩ්ට  ඉසඔ ගැන කිව්වෙත් කැම්පස් එකේ හිටපු යාලුවෙක් කියල. ඉසඔ රෑ 11:30 විතර වෙනකම් ලොබි එකේ මගෙත් එක්ක කතා කර හිටිය. යන්න ලැහැස්තිවෙලා මට කිව්ව රූම් එක ලඟට ඇරලවන්නම් කියල. නමුත් මම කිව්ව එපා කියල. එයා රූම් එක ලඟට ආවොත් හස්බන්ඩ් රූම් එකේ ඉන්නව කියල දැනගන්න නිසයි මම එහෙම කලේ. අපි ජපානෙන් එන දවසෙ ඉසඔ මට තෑග්ගකුයි, මගෙ හස්බන්ට විස්කි බෝතලේකුයි ගෙනත් දුන්න.
ඉනප්සුව මට ඉසඔ මුන ගැහුනෙ නැහැ. ඒ උනත් හැමදාම වගේ SMS කරනව. මම මාස 7-8ක විතර ඉඳල ඉසඔට SMS කරනකොට ඉංග්‍රීසි වලිනුත් මම ඔයාට ආදරෙයි ඉසඔ, මම නිතරම ඔයා ගැන හිත හිතා ඉන්නෙ කියල ලියනව. නමුත් ඉසඔ අර කලින් වතාවෙ වගේ ඒ ගැන විරුද්ධත්වයක් නැහැ. නමුත් එයා පිලිතුරු SMS එක එවනකොට එහෙම දේවල් මට ලියන්නෙ නැහැ. මම ඒක දැන්ම බලාපොරොත්තුවෙන්නෙත් නැහැ. කවද හරි දවසක ඉසඔ මගෙ අදහසට කැමති වෙයි කියල මගෙ ලොකු විස්වාශයක් තියෙනව. මගෙ ඒ බලාපොරොත්තුව ඉටුවුන දවසට පස්සෙ දවසෙ මට මැරුනත් කමක් නැහැ. ඒ දවස උදාවෙන තුරු ජීවත් උනොත් මට ඇති. 

මම අද ලියන්න හිටියෙ මගෙ ජපානෙ අන්තිම ලවු ස්ටෝරි එක. නමුත් ඉසඔ ගැන ලියපු නිසා ඒක ලියන්න බැරි උනා. එයා මට ඉනෙටර්නෙට් එකෙන් හමුවුන කෙනෙක්. ජපානෙ ලයිෆ් එකේ අවසන් එක හැටියට මම ඊලඟ එපිසෝඩ් එකෙන් ඒ ගැන ලියන්නම්. ඉන්පස්සෙ ඉඳල මම මගෙ ඕස්ට්‍රේලියා ජීවිතය ගැන ලියන්න පටන් ගන්නම්. ඕස්ට්‍රේලියා ලයිෆ්  එක මුලුමනින්ම සෙක්ස්වලින් පිරුන ස්ටොරි එකක්. ඒ ගැන ඔයාල මා ගැන අහිතක් හිතන්න එපා. මම මට උන හැම දෙයක්ම ලියන්න ඕනිනෙ. ජපානෙ කියන්නෙ ජපන්නු විතරක් ඉන්න රටක්. ඒ නිසා එහෙදි සෙක්ස් කලේ ජපන්නු එක්ක විතරයි. තුන් හතර වතාවක් වෙන රටවල (ඉරානය, ෆින්ලන්තය සහ කැනඩාව ) අය එක්ක සෙක්ස් කලා. නමුත් ඕස්ට්‍රේලියා  කියන්නෙ ලෝකෙ හැම රටකම මිනිස්සු ඉන්න තැනක්. ඒ හන්ද ඕස්ට්‍රේලියාවට  ආවට පසුව ලෝකෙ මහද්වීප හයේම රටවල් වල අය එක්ක සෙක්ස් කරන්න හම්බ උනා. ලෝකෙ හැම ජාතියකම මිනිස්සු එක්ක මම සෙක්ස් කලා. ඒ අයගෙ විවිද වෙනස්කම් තිබුන. නමුත් සෙක්ස් කරනකොට කවුරුත් එකයි. හැමෝටම තියෙන්නෙ එක වගේ කාමුක හැඟීම් . මම ඒව හැම දෙයක්ම පස්සෙ ලියන්නම්කො. 


No comments:

Post a Comment