7. මතක පොතෙන්
අපේ ගෙවල් ලඟ හිටිය අක්කල දෙන්නෙක්. ඒ දෙන්න අපේ ගෙදරත් එක්ක ගොඩක් හිතවත්. නමුත් දෙන්නම හිටියෙ කොල්ලෙක් හොයාගන්න බැරිව බොහොම හිතේ අමාරුවෙන්. කැත නැති උනාට දෙන්නම ලස්සනත් නැහැ. නමුත් දෙන්නම මට ආදරෙයි. ඒ දෙන්නත් ගොඩක් වෙලාවට අයියගෙ බස් එකේ යන හන්ද අයිය ගැන දන්නව. ආදරේ ඉතින් හන්ගගෙන ඉන්න පුලුවන් දෙයක් නෙවෙයිනෙ. ඒ හන්ද මමත් කා එක්ක කතා කලත් කියවන්නෙ අයිය ගැන. මට ඒ ගැන වරදක් ඒ කාලෙ හිතුනෙ නැතත් හැමතිස්සෙම අයිය ගැන කතා කරන එක ගැන ඒ කාලෙ එයාලට කුතුහලයක් වෙන්න ඇති. ඒ අක්කලගෙ නෑදෑ වෙන නංගි කෙනෙක් කාලයක් කොලඹ ඉස්කෝලෙක ගිහින් ආපහු ගමට ඇවිත් ටවුන් එකේ ඉස්කෝලෙකට යන්න ගත්ත. ඒ කෙල්ල ටිකක් ලස්සනයි. ඒහන්ද හැමෝම ඒ කෙල්ල දිහාව බලනව. ටිතින් අයියටත් ඒ කෙල්ල ගැන හිත ගිහින්. ඒ කෙල්ල බස් එකට නගින්නෙත් අපේ ගෙවල් ලඟින්. දවසක් අයිය බස් එකේ නිතර යන කෙනෙකුට කියල ඒ කෙල්ලගෙන් අයියට කැමතිද කියල අහන්න කියල. ඒ කෙල්ල අයියට වඩා අවුරුදු 18ක් විතර බාලයි. ඒ හන්ද අර මිනිහ හිතල නැහ අහන්නෙ ඒ කෙල්ල ගැන කියල. ඒ යකා හිතල තියෙන්නෙ අර කෙල්ලො දෙන්නගෙන් කෙනෙක් කියල. මොකද කවුරු උනත් අයියගෙ වයසට අර ඉස්කෝලෙ යන කෙල්ල ගැලපෙනව කියල හිතන්නෙ නැහැ. අයියගෙ දුවෙක් වගෙයි. ඒ හන්ද ඒ මිනිහ අක්කල දෙන්නගෙන් ලොකු එක්කෙනාගෙන් අහල. මගෙ අම්මෝ අයිය වගේ ලස්සන කොල්ලෙක් ඇහැව්වොත් කවුද අකමැති වෙන්නෙ. මේ කෙල්ල උඩින්ම කැමතියි. දවසක් ඒ කෙල්ල මගෙන් අයිය ගැන ඇහැව්ව. මට කිව්ව අයිය එයාගෙන් යාලුවෙන්න ඇහව්ව කියල. මට පුදුමාකර විදිහෙ දුකක් ආව. මගේ අයියව වෙන කිසිම කෙනෙකුට අයිති වෙනවට මම ආස නැහ. මගෙ ජීවිතේ ලබන්න පුලුවන් ලොකුම දුක තමයි ඒක. ඒ කෙල්ල පුදුම සතුටකින් තමයි කතා කලේ. රටක් රාජ්ජයක් පහල වුනා වගෙ. නමුත් ඒ බව නොපෙන්වල මට කියනව කොන්දොස්තරල ඒ තරම් හොඳ අය නෙවෙයි ඒ හන්ද වචනයක් දෙන්න කලින් හොයල බලන්න ඕනි කියල. මට හිතුන අයියට කිට්ටු වෙන්න මේ අවස්ථාව හරි වැදගත් කියල. ඒ හන්ද මම අයිය මුනගැහිල කිව්ව ඒ කෙල්ලගෙ කැමත්ත තියෙනව වෙලාවක අපේ ගෙදර එන්න මම මුනගස්සන්නම් කියල. මට උවමනාව තිබුනෙ ඒකිව මුනගස්වන්න නෙවෙයි. අයිය අපේ ගෙදරට ගෙන්වගෙන සතුටු වෙන්න. මට ඒ කාලෙ අයිය අපේ ගෙදරට එනවනම් පුදුම සතුටක් තිබුන. කිසි දෙයක් නොකලත් අයියගෙ මූන දිහා බලාගෙන කතා කර කර ඉන්න තියෙනවනම් මට හරිම සතුටක්. අයිය ආපු වෙලාවෙ ඉඳල මම කරන්නෙ අයියට සලකන එක. අපේ ගෙදර පලතුරු ජාති හරියට තිබුන. අයිය ආවහම මම හැමඩාම ලොකු පලතුරු පාර්සලයක් දෙනව. ගස්වල පලතුරු හැදුනහම හොඳම ගෙඩි ටික ගෙදර කාටත් හොරෙන් කඩල හඟල තියනව අය්ය ආවහම දෙන්න. 
ඊට දවස් දෙකකට පස්සෙ අය්ය අපේ ගෙදර ආව. මම අර කෙල්ලව මුනගැස්සුවෙ නැති උනත් කෙල්ල පාරෙ යනකොට අයියට පෙන්නුව. අය්ය පුදුම උනා. අයිය කිව්ව අපොයි මම ඇහැව්වෙ ඒකිගෙන් නෙවෙයි අර ඉස්කෝලෙ යන කෙල්ලගෙන් කියල. මට ඉතින් හරිම සතුටුයි. ඒ කෙල්ලගෙ අම්ම ඉඳිආප්ප හදල කඩවල් වලට විකුනන කෙනෙක්. ඉතින් මම අයියට කිව්ව ඒ කෙල්ල බැන්දොත් ඉතින් දෑවැද්දට ලැබෙන්නෙ ඉඳිආප්ප වන්ගෙඩියක් තමයි කියල. එවෙලෙ අයියගෙ මූන වෙනස් වුනා. පස්සෙ කාලෙක මම දනගත්ත අයියගෙ අම්මත් කඩවල් වලට ඉඳිආප්ප හදල විකුනන කෙනෙක් කියල. පස්සෙ මම අර අක්කට කිව්ව අයිය අහල තියෙන්නෙ ඔයා ගැන නෙවෙයි අර නංගි ගැන කියල. ඉතින් ඒ අක්කට හෙනට තද උනා. ඒ නංගි මෙයාගෙ නෑදෑ කෙනෙක්නෙ. ඉතින් මෙයාගෙ හිතේ දුක ඇරගන්න අයියට හොඳටම බැන්න. කොන්දොස්තරය හිතුවද දන්නෙ නැහැ ඌ දොස්තරයෙක් කියල. වයස බලල ඕනි ගැහැනු පස්සෙ යන්න. හිටපන්කො මම හොඳ වැඩක් කරන්න කියල අර නංගිගෙ තාත්තට ඒ ගැන කියල. නංගිගෙ තාත්තට තද වෙලා අයියට පාරෙදි තර්ජනය කරල තිබුන. මොනව උනත් ඒ දේවල් ඒ විදිහට උන එක ගැන මට හරිම සතුටුයි. මගෙ සුදු අය්ය වෙන එකෙකුට අයිති වෙනව මම බලාගෙන ඉන්නෙ කොහොමද. අයිය අයිති මට.
මේ වෙනකොට අපේ අක්ක හිටියෙ පේරාදෙනියෙ කැම්පස් එකේ අවසන් වසරෙ. අයිය අපේ ගෙදර ආපු කිසිම වෙලාවක අපේ අක්ක ගෙදර හිටියෙ නැහැ. නමුත් දවසක් අයිය ගෙදර ආපු දවසක අක්කත් නිවාඩුවට ඇවිත් හිටිය. අයියට අපේ අක්ක ගැන හිතක් ආව බව මට තේරුනා. මම ඒකට ගොඩක් සතුටුයි. අයිය අපේ ගෙදරට සම්බන්ද උනොත් මට හැමදාමත් අයිය ලඟින්ම ඉන්න පුලුවන්. මම හිත යටින් ප්‍රාර්තනා කලා එහෙම දෙයක් වෙන්න කියල. නමුත් අපේ තාත්තයි අම්මයි දෙන්නම බොහොම යල් පැනපු අදහස් තියෙන අය. ඒ දෙන්න කීයටවත් අක්කව කොන්දොස්තර කෙනෙකුටනම් දෙන්නෙ නැති බව මම දන්නව. ඒ හන්ද හිතට දුකයි. අනෙක අපේ අක්කත් මහ උද්දච්ච එකියක්.අයිය කොච්චර ලස්ස්න කෙනෙක් උනත් කීයටවත් ඒ වගේ රස්සාවක් කරන කෙනෙකුටනම් කැමති වෙන්නෙ නැහැ. ඒ හන්ද මේක මට හිතට ලොකු ප්‍රස්නයක් උනා. අයියත් මේ නොගැලපීම තේරුම් ගන්න ඇති . ඒ හන්ද ඒ දෙය සිද්ද උනේ නැහැ. නමුත් ඒ දෙය සිදු උනානම් මගෙ ජීවිතයත් මීට වඩා ගොඩක් වෙන වෙන්න තිබුන.
ඊට මාස දෙක තුනකට විතර පස්සෙ දවසක් අයිය මට කිව්ව එයාලගෙ බස් එකේ ගිය රෙදි ෆැක්ටරි එකක වැඩ කරන කෙල්ලක් එක්ක කතා කරල විස්තර ඇහැව්ව. පස්සෙ කෙල්ල බහිනකොට ඇඩ්ඩ්‍රස් එක කොල කෑල්ලක ලියල දුන්න කියල. මට දැන් ඉස්සරටත් වඩා බයයි අයියට කෙල්ලෙක් සෙට් වෙයි කියල. අයියට අවුරුදු 33ක් උනත් මෙච්චර කඩවසම් වෙලත් බඳින්නෙ නැතිව හිටියෙ සමලිංගික ආසාවත් ඇතිමයි කියලයි මට හිතුනෙ. ඉතින් මේ විදිහට කෙල්ලෙක් අල්ලගන්න දඟලනකොට මගෙ හිතට ලොකු බයකුත් දුකකුත් දැනෙන්න ගත්ත. කොහොම උනත් ඒ කෙල්ලත් අයියට උත්තරයක් එවල තිබුනෙ නැහැ. මට හරිම සතුටුයි. මම නිතරම දෙවියන්ගෙන් ඉල්ලා සිටියෙ අයියට කෙල්ලක්නම් යාලුවෙන්න එපා කියල.
අය්ය ටව්න් එකේදි වෙන පිරිමි එක්ක කතා කරනකොට මට හරිම ඉරිසියයි. මම ඒ වෙලාවට මූන එල්ලගෙන පැත්තකට වෙලා ඉන්නව. මට හිතෙන්නෙ අයිය මාව ගනන් ගන්නෙ නැහැ. වෙන අය එක්කනම් හොඳට කතා බහ කරනව. මගෙත් එක්ක උවමනාවකින් කතා කරන්නෙ නැහැ කියල.
මෙහෙම ඉන්න අතරෙ අයියට වෙනත් පාරක වැඩට යන්න උනා. ඒ පාරෙ ෆැක්ටරි එකක් තියෙනව. ඒ ෆැකටරි එකේ යන ගොඩක් අය යන්නෙ අයියගෙ බස් එකේ. ඉතින් දවසක් අය්ය මට කිව්ව ෆැක්ටරි එකට යන කෙල්ලක් ගැන හිතක් තියෙනව කියල. ඒ කෙල්ලගෙ යාලුව යාලුවෙලා ඉන්නෙ අයියගෙ බස් එකේම ඩ්‍රයිවර් එක්කලු. සමහර විට අයියට මේ ගැහැනු ලමය ගැන විෂෙශත්වයක් දැනෙන්න ඇත්තෙත් ඩ්‍රයිවර්ගෙ ලවු එක දැකල වෙන්නත් ඇති. මේ වතාවෙනම් මගෙ හිතට ගොඩක් ලොකු භයක් දැනුන. මට හිතුන අයියව ඒ පාරෙන් අයින් කරන්න ක්‍රමයක් තියෙනවනම් කොහොම හරි ඒ දෙය කරන කියල. ඩිපෝ අධිකාරි අඳුනනවනම් ඒ දෙය කරන්න තිබුන. නමුත් එහෙම සම්බන්දයක් මට තිබුනෙ නැහැ. මම දැනගෙන හිටිය අයිය දිගටම මේ පාරෙ වැඩකලොත් අර කෙල්ලත් එක්ක සම්බන්ඩයක් ඇතිවෙනව කියල. එක දවසක් අයිය අයියගෙ අදහස ඉදිරපත් කරල. ඒකට හරි උත්තරයක් ලැබුනෙ නැති හන්ද අයිය ඒ කෙල්ලට ලියුමක් දීල. පස්සෙ ඒ ලමයත් අයියට ලියුමක් දීල. ඒ ලියුම මටත් පෙන්නුව. ඒකෙ තිබුනෙ එයාගෙ මාමත් කොන්දොස්තර කෙනෙක්. එයා හරි සැරයි ඒ හන්ද බයයි කියල. මට එවෙලෙම හිතුන ඒ මනුස්සයව මුනගැහිල මේ විස්තරේ කනේ තියන්න. කොහොම හරි අය්ය මේ කෙල්ල එක්ක යාලු උනා. මගෙ හදවත සම්පූර්නයෙන්ම කඩා වැටුනත් මම ඒ බවක් පෙන්වන්නෙ නැතිව අයියගෙ ආදරේට උදවු කරන්න පටන් ගත්ත. ඒ උනත් මම මගෙ ඇස් දෙකේ කඳුලු හංගගෙන දිවා රාත්‍රි අඬා වැටුන. මට රෑට නින්ද යන්නෙත් නැහ. මම දෙවියන්ගෙන් ඉල්ලුව ඒ සම්බන්ඳෙ කඩල දෙන්න කියල. මගෙ ජීවිතේ දුක්මුසුම කාලයක් මම ගෙව්ව. මට මගෙ අයියව නැතිවෙන්න යනව කියල දුක දරාගන්න බැරි උනා. මම අයියට ආදරේ කලාට කවදාවත් අයියගෙ අතින් අල්ලන්නවත් අවස්තාවක් ලැබිල නැහැ. ඒ උනත් අය්යගෙ පිම්බුනු තට්ටම් දෙක උල්වෙලා තියෙන තන් දෙක පින්බර මූන උසට සරිලන මහත වගේ දෙවල් නිසා මම හිටියෙ පිස්සු හැදිල වගේ. එයාල දෙන්න ටිකකලකින් යාලුවුනා. මම හිතේ වේදනාවෙන් උනත් ඒ දෙන්නට උදවු කලා. ඒ උනත් මම අයියට ආදරේ කරන එක නැවැත්තුවෙ නැහැ.අයිය මට ගල් කපන හැටි හිතෙන් මවාගෙන අතේ ගහ ගහ හිටිය. ඒක වෙසක් කාලෙ. අයිය අපේ ගෙදර ඇවිත් තොරන් බලන්න යමු කිව්ව. තොරන් කාලෙට ටවුන් එකට ඇතුල් වෙන්නත් බැරි තරමට සෙනග. අපි හවස ටවුන් එකට ගියා. ගියාට පස්සෙ තමයි මට තේරුනේ අයිය ආවෙ ෆැක්ටරි ඇරෙන වෙලාවට බව. අයියට උවමනා උනේ අර කෙල්ලව දැකගන්න. අයිය කතා කර කර යන ගමන් කිව්ව උදේ නැගිටිනකොට පයිය හෙනට නැගල තිබුන. ඒ හන්ද පයිය පපුවට තද වෙන්න තියල සරමෙ ගැටෙන් තද කරගත්ත කියල. අනේ දෙයියනේ සරමෙන් ගැට ගහල තද කරගන්න ඕනිද මගෙ ලඟට ආවනම් කකුල් දෙක අස්සෙ තදකරගන්නවනෙ. අනේ ඉතින් ඒ වගේ පිනක් මට කවදාවත් ලැබෙන එකක් නැහැ.

මම ඉංග්‍රීසි පන්ති යන අතරෙ මගෙ දැනුම වැඩිකරගන්න පෑනේ මිතුරන් හොයාගෙන ඉංග්‍රීසියෙන් ලියුම් ගනු දෙනු කලා. මට උවමනා උනා බදුල්ලෙනුත් පෑනේ මිතුරෙක් හොයාගන්න. අයියගෙ ගම බදුල්ලෙ හන්ද මම බදුල්ලට ආදරේ කරන්න ගත්ත. බදුල්ල ගැන තොරතුරු හොයන්න ගත්ත. නමුත් මම කවදාවත් බදුල්ලෙ ගිහින් නැහැ. කොහොම හරි මම බදුල්ලෙන් පෑනේ මිතුරෙක් හොයාගත්ත. එයත් එක්ක ගොඩක් ලියුම් හුවමාරු කරගත්ත. මම ඒ පෑනේ මිතුර ගැන අයියටත් කිවුව. ඔහොම ඉන්න අතරෙ මුතියංගන පෙරහැර පටන් ගන්න කාලෙ ආව. මම අර පෑනේ මිතුරට කිව්ව පෙරහැර බලන්න බදුල්ලෙ එන්නම් කියල. එයත් ඒකට කැමති උනා. මම බදුල්ලෙ යන බව අයියටත් කිව්ව. අන්තිම මොහොත්දි අයිය කිව්ව මමත් ගමේ යනව මගෙත් එක්කම යමු කියල. මට දරාගන්න බැරි සතුටක් හිතට ඩැනුන. අයියත් එක්ක අයියගෙ ගනේ යන්න ලැබෙනව කියන්නෙ මම හීනෙකින්වත් බලාඅපොරොත්තු වුන දෙයක් නෙවෙයි. ඉතින් අපි බදුලු යන දවසත් ලඟා උනා. අපි බදුලු යන්න ටවුන් එකට ඇවිත් තැපැල් කන්තෝරුවට ගිහින් මගෙ යාලුවට විදුලිපුවතක් යැව්ව මගෙ ගමන බලාපොරොත්තු වෙන්න එපා එන්න වෙන්නෙ නැහැ කියල. මම ඒක ලිව්වෙ ඉංග්‍රීසියෙන්. වැඩියෙන්ම ඉංග්‍රීසියෙන් ලිව්වෙ අයියට පේන්නන්ත් එක්ක. මම හොන්ද උගතෙක් ඉංග්‍රීසි පුලුවන් කියල අය්යට පෙන්වල අයියගෙ විශේශ අවදානය ගන්න මට ලොකුවට උවමනා උනා. ඉන්පස්සෙ අපි බදුලු ගියා.
අයියක්ලගෙ ගෙදරට ගියහම මට හරිම සතුටුයි. අයිය බඳින්න ඉන්න කෙනා ගෙදර එක්කරගෙන ඇවිත් අම්මල තාත්තලට පෙන්නුව වගෙ හැඟීමක් මට එවෙලෙ දනුනෙ. මම අයියගෙ අනාගත අයිති කාරය කියල හැඟීමක් මට ආව. අයියල එතරම් පෝසත් අය නෙවෙයි. නමුත් දුප්පත් අයත් නෙවෙයි. තාත්ත ආන්ඩුවෙ රක්ශාවක් කරල පෙන්ෂන් ගිය කෙනෙක්. ඒ හන්ද තමයි අම්ම ඉඳිආප්ප හදන්නෙ. මල්ලි කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නව. අනෙක් අයියල අක්කල බැඳල ගිහින්. මල්ලි රක්ෂාවක් කරන්නෙ නැහැ. නංගි තුන් හතර වතාවක් සාමාන්‍ය පෙල කරල අසමත්. මෙවරත් විභාගය දාල. නමුත් මට වඩා වැඩිමහල්. මම අයියලගෙ ගෙදර හිටියෙ පුදුම සතුටකින්. පලවෙනි දවසෙ රෑ අයියයි මමයි නිදාගත්තෙ එක ඇඳේ. මට හරි සතුටුයි. මම අය්යගෙ ඇඟට හේත්තුවෙලා නිදා ගත්ත. අයිය අදවත් ගලක් කපයි කියල හිතේ බලාපොරොත්තුවක් තිබුනත් ගමන් මහන්සිය හන්ඳ ඉක්මනටම නින්ද ගියා. ඊලඟ දවසෙ රෑ තමයි පෙරහැර බලන්න යන්න හිටියෙ. ඒ හන්ද දවල් දවසෙම හිටියෙ ගෙදර. අපි දවලට බදුලු ඔයෙන් නෑව. අය්ය නානකොට ඇඳගෙන හිටියෙ ඉස්සර ට්‍රන්ක් කියල කියපු බොක්ස් ටයිප් එකේ ජොකෙක්. ඒ කාලෙ හැමෝම ඒ ජාතියෙ ජොක්කු තමයි ඇන්ඳෙ. ගොඩක් වෙලාවට තිබුනෙ රතුපාට වගේ ඒව. ඉනේ බෙල්ට් එකේ ඉස්සරහ රත්තරන් පාට ගාන්චුවක් වගේ එකක් තිබුන. අය්ය ජොකා පිටින් ඉන්නකොට මට ඒ දිහා බලාගෙන ඉන්නම බැහැ. මට හොඳටම නැගල. වතුරට තෙත්වෙලා අයියගෙ පොට්ටනිය ඉදිරියට නෙරල ඇවිත් පේනකොට මට ඉවසගෙන ඉන්නම බැහැ. මගෙ ඇස් නිලන්කාර වෙල්ල වගේ. අය්ය නාන්න ඇන්ඳෙ බස් එකේ එනකොට ඇඳගෙන ආපු ජොකා නෙවෙයි. වෙන එක්කක්. කලින් ඇඳගෙන හිටපු ජොකා අපි නිදාගත්තු කාමරේ කලිසම් රැක් එකේ. නාල ගෙදර ගියාට පස්සෙ අයියගෙ යාලුවෙක් හම්බවෙන්න කියල අයිය යාලුවගෙ ගෙදර ගියා. මම හිටියෙ තනියම. ඉතින් මම කාමරේ තනිවෙලා ඉන්නකොට මතක් උනේම අය්යගෙ ජොකාට තද වෙලා තිබුනු අය්යගෙ කූට්ටම. පයියත් කෙලින් කරගෙන ඒක ගැන මතක් කර කර ඉන්නකොට මට අහම්බෙන් වගේ පෙනුන අය්යගෙ අනෙක් ජොකා රාක්කෙ තියෙනව. මම කවුරුවත් කාමරේට එයිද කියල හොරෙන් බලාගෙන අය්යගෙ ජොකා අතට අරන් ඉඹගෙන ඉඹගෙන ගියා.
මට ආශාව දරාගන්න බැහැ. අයියගෙ අතන සුවඳ ජොකාගෙන් හොඳට එනව. මම ජොකා අරගෙන ඇඳට ගිහින් කවුරුවත් මූනට තියාගෙන තදකරගෙන හිටිය. ඒ සුවඳට මම ගොඩක් සතුටු උනා. අය්යගෙ අරක ගෑවෙන හරිය දිවෙන් ලෙව කෑව. නමුත් තෙත ගතිය හිටී කියල බයට වැඩිය ලෙව කෑවෙ නැහැ. හවස අයියයි මමයි අයියගෙ මල්ලියි තුන්දෙනාම පෙරහැර බලන්න ගියා. අයියගෙ මල්ලිට රක්ෂාවක් නැති හන්ද එයා අතේ සල්ලි මොනවත් නැහැ. ඉතින් අයිස් ක්‍රීම් , වඩේ , රෝල්ස් වගේ දේවල් ඔක්කොම ගත්තෙ මගෙ වියදමින්. නමුත් මම ඒ සල්ලි ආසාවෙන් වියදම් කලා. මගෙ මස්සිනාට වියදම් කරනව කියන හැඟීම තමයි මට තිබුනෙ.

මම හිතෙන් ප්‍රාර්තනා කලේ ගෙදරින් කොහොමටවත් මේකට කැමති වෙන්න එපා කියල. එතකොට අයියට වයස ගිහින් බඳින්න බැරි වෙනව. එතකොට අයිය නිකම්ම මට අයිති වෙනව. මම අයියව මලක් වගේ ආදරෙන් බලාගන්නව. කොහොම වෙතත් අවුරුදු 33ක් වුන අයියට තවත් විවාහය පහු වෙන විදිහට එයාලගෙ දෙමවුපියො හැසිරෙන විදිහ ගැන මට පුදුමත් හිතුන. අවුරුදු 20-25 කෙනෙක්නම් කමක් නැහැ. කොහොම උනත් මගෙනම් ප්‍රාර්තනය තිබුනෙ කොහොම හරි මේක කෙරෙන්නෙ නැති තැනට එනවනම් කියල.
අයිය වෙන කෙනෙකුට අයිති වෙනවට මගෙ පුදුම විදිහෙ ඉරිසියාවක් දුකක් තිබුනත් අයියව තව තවත් මට ලංකරගන්නනම් අයියට උදවු කරන එක කලයුතු උනා. ඒ හන්ද අයියව මගෙ ලඟම තියාගන්න මම අයියලගෙ ආදරේට උදවු කරන බව පෙන්නුව. නමුත් මගෙ හදවතම කඩා වැටිලයි තිබුනෙ. ඒ අක්ක අයියට කිව්ව වගේම අක්කගෙ මාම අක්ක ගැන හරියට හෙව්ව. මේ සම්බන්දෙ ගැනත් ඉව වැටිල අයිය ගැන හොයනව කියලත් අයිය මට කිව්ව. මම දවසක් අපේ නෑදෑ ගෙදරක ගිය වෙලාවෙ ඒ ගෙදරට ආව අර මාම වැඩකරන ඩිපෝ එකේ ක්ලාර්ක් කෙනෙක්. එයාගෙන් මම අර කොන්දොස්තර ගැන ඇහැව්ව. එයා කිව්ව එයා ගැන දන්නව නමුත් වැඩකරන්නෙ මොන බස් එකේද කියල දන්නෙ නැහැ ඩිපෝවට ආවොත් හොයල කියන්නම් කියල. මම එයාට කිව්වෙ නැහැ හොයන්නෙ මොකටද කියල. ඊලඟ දවසෙ උදේ මම ඒ ඩිපෝ එකට ගියා. අර ලිපිකරු මහත්තය අර කොන්ද වැඩ කරන බස් එක යන්නෙ කොහේද කියල කිව්ව. ඒක ටිකක් දුර ගමකට යන බස් එකක් හන්ද ඒ පැත්තෙ තියෙන ටවුමයි ගමයි අතරෙ උදේ ඉඳල හවස් වෙනකම් ගමන් වාර කීපයක් ගිහින් රැඑ තමයි ආඵු ඩිපෝ එකට එන්නෙ. ඉතින් මම බස් එකක නැගල ටිකක් දුරින් තියෙන ඒ ටවුමට ගියා. මම යන්න පොඩ්ඩකට කලින් ඒ බස් එකට ගමට යන්න පිටත් වෙලා. ආපහු ටවුමට එන්නෙ තව පැය තුනකින්ලු. ඒ එන්නෙ අන්තිම ගමන් වාරය. ඒ හන්ඳ මම බස් එක එනතුරුම ටවුමට වෙලා හිටිය. පැය තුනකට විතර පස්සෙ ඒ බස් එක ආව. ඉන්පස්සෙ ඒ බස් එක යන්නෙ ඩිපෝවට යන්න බලාගෙන. මම ඒ බස් එකේ නැගල ආපහු එන අතරෙ මේ කොන්දත් එක්ක කතාවට වැටුන. මිනිහ මගෙන් එක එක දේවල් ඇහැව්ව. අහල ගම කොහේද කියලත් ඇහව්ව. මම කිව්ව බදුල්ලෙ කියල. එතකොට මිනිහගෙ මූන වෙනස් වුනා. ටිකක් කලබල උනා. මිනිහ මට කිව්ව මගෙත් යාලුවෙක් ඉන්නව බදුල්ලෙ කියල. මම ඇහැව්ව කවුද කියල. මිනිහ නම කිවුවහම මම කිව්ව ආ ඔවු මම ඒ අයියව දන්නව. එයාල අපේ ගමේම තමයි. නමුත් එයල ටිකක් වංසක්කර යමක් කමක් තියෙන කට්ටිය හන්ද අපෙත් එක්කනම් වැඩිය සම්බන්දයක් නැහැ කියල. මම තව තව ඒ අය්ය ගැන වර්ණනා කලා. මම කිව්ව ඒ අයිය තවම බැන්දල නැහැ එයාට ලොකු ලොකු තැන්වලින් යෝජනා ආවට එයාගෙ තාත්ත කැමති නැහැ කියල. මිනිහට දන් හරිම සතුටු බව මට මූනෙ ඉරියවුවලින් තේරුනා. නමුත් එයාගෙ අක්කගෙ දුවත් එක්ක සම්බන්දයක් තියෙනව කියලනම් කිව්වෙ නැහැ. මගෙ නම ඇහැව්ව. මම බොරු නමක් කිව්ව. මේ සිද්දිය අයියට කිව්වහම අයියටත් හරි සතුටුයි. මට ගොඩක්ම සතුට තියෙන්නෙ මම එයාඅලට උදවු කරන හන්ද අයිය තව තවත් මට ලංවෙන එක ගැන. අයියටත් මාව අත්‍යවශ්‍ය කෙනෙක් කියල මට හිතෙනකොට මට හරි සතුටුයි. ඉන්පස්සෙ ඉඳල මම මගෙ දේවල ගැන හොයනවටත් වඩා අයියගෙ දෙවල් ගැණ තමයි හොයල බැලුවෙ. අයියට නිත්‍රම උඩවු කරන එක තමයි මට තියෙන එකම සතුට. මම නිතරම බැලුවෙ අයියට මොනව හරි උදවුවක් කරල අයියගෙ හිත සතුටු කරන්න. අයිය සතුටු වෙනව දකිනකොට මට පුදුම සතුටක් වින්ද. මට ඕනි උනේ මේ ලෝකෙ කාටවත් වඩා අයියට ආදරේ කරන්නෙ මම කියල පෙන්වන්න. ඇට්තටම උනෙත් ඒ දෙය තමයි. මගෙ ඕස්ට්‍රේලියන් පෙම්වතා හමුවෙන තුරුම මේ ලෝකෙ කිසිම කෙනෙකුට අයියට තරම ආදරේ කරල නැහ. ඒක මහ පුදුමාකාර බැඳීමක්. මහ පුදුමාකාර ආදරයක්. දැන් අයියව මුලින්ම මුනගැහිල අවුරුද්දකටත් කිට්ටුයි. මගෙ ආදරේ හදවතේ උතුරල යනව. මට අයියගෙන් තොර ලෝකයක් ඇත්තෙම නැහැ. අයියව එක දව්සක හරි දැකගන්න බැරි උනොත් හිතේ මහා පාලුවක් දැනිල රෑට නින්ද අහලකවටවත් එන්නෙ නැහැ. ගෙදර මොන වැඩැක් තිබුනත් කීයටවත් පන්ති යන එක නවත්වන්නෙ නැහැ. එහෙම පන්ති යන්නෙ අයියව දැකගන්න තියෙන උවමනාව හන්ද. උදේ නැගිට්ට වෙලාවෙ ඉඳල ලැහැස්ති වෙන්නෙ පන්ති යන්න. පන්ති යන සිහිය ඇර වෙන කිසි දෙයක් ඔලුවෙ නැහැ. ගෙදර මොකක් හරි උත්සවයක් තිබුනත් මම පන්ති යන එක නවත්වන්නෙ නැහැ. මගෙ හිත වැඩ කරන්නෙ අයිය ගැන මිසක් වෙන කිසිම දෙයක් ගැන නෙවෙයි. එහෙම වාතාවරනයක් තියෙද්දි එක දවසක් හරි අයියව නොදැක්කොත් මට ඇතිවෙන පාලුව තනිකම ගැන කියන්න අවශ්‍ය නැහැනෙ.
කොහොම උනත් තවමත් මම අයියගෙ අතින්වත් අල්ලල නැහැ. නමුත් මම අයියට පන වගේ ආදරෙයි. නමුත් අයිය මගෙ ආදරේ ගැන දන්නෙවත් නැහැ. සමලිංගික නොවෙන පිරිමියෙකුට වෙනත් පිරිමියෙකුගෙ ආදරයක් ගැන හිටාගන්න බැහැනෙ. ඒ හන්ද අයිය හිතනව ඇත්තෙ මගෙ තියෙන්නෙ හිතවත් කමක් විතරයි. නමුත් මගෙ හිතේ තියෙන්නෙ උතුරා ගිය ආදරයක්. මම නිතරම හිතුවෙ කවද හරි අය්ය ලව්ව ගලක් කප්පව ගත්තොත් ඊලඟ දවසෙ මිය ගියත් කමක් නැහැ කියල. අයියට තුරුලු වෙලා අයියාව කිටි කිටියෙ තදකරගෙන අයිය ලව්ව ගලක් කප්පවගන්න හැටි ගැනැ මම උදේ හවස හීන මැව්ව. පිරිමියෙකුට තවත් කෙනෙකුට මේ විදිහට ආදරේ කරන්න පුලුවන්ද කියල මටම පුදුමයි.
මගේ හිතේ අයියව නිතරම හොල්මන් කරනව. මගෙ යාලුවොත් එක්ක අයිය ගැන කතා කරන එක තමයි මගෙ ලොකුම සතුට. සමහර වෙලාවට මම ඕනිවට වඩා අයිය ගැන කියවන එක එයාලට මහ හිසරදයක් වෙන්නත් ඇති. නමුත් මට ඒක නවත්වන්න බැහැ. කවුරු එක්ක කතා කර කර හිටියත් ඉබේම අයිය ගැන කතාවක් එලියට එනව. අයිය මගෙ යාලුව්ක් කියන එක එයාලට ඒත්තු ගන්වනකොට මට මහෙ ආඩම්බර හැඟීමක් හිතට එනව. මට හිතෙනව එයාලට මම ගැන ඉරිසියාවක් හිතෙනව ඇතිත් කියල. මේ වෙනකොට අයියලගෙ ආදරෙත් ලියලා ගිහින්. මම කොච්චර හිතෙන් ප්‍රාර්තනා කලත් එයාලගෙ ආදරේ නතර වෙන ලකුනක් තිබුනෙ නැහැ. ඒ උනත් මගෙ හිත කියනව ඒ අක්කට වඩා අයිය මට ආදරේ ඇති කියල. ඒ හැඟීම තියෙන නිසා මගෙ හිතේ තව දුරටත් බලපොරොත්තු තියාගෙන හිටිය. අයිය ඉඳල හිටල ඒ අක්කගෙ ගෙදර යනව. කවුරුවත් ගෙදර නොහිටියොත් කිස් එකක් හෙම දෙනවලු. ඒව ඇහෙනකොට මට හරිම දුකයි. මම නිතරම හිතුවෙ අයිය අයිති මට කියල. මාව කිස් කරනවනම් මට මැරුනත් කමක් නැහැ කියල මට හිතෙනව. කිස් කරද්දි අයියට නගිනවලු. මට ඉතින් ඒව ඇහෙනකොට ඉවසගෙන ඉන්න බැහැ. අයියගෙ නැගපු පයිය බලන්න තියෙනවනම් කියල මට දහස් වාරයක් හිතිල ඇති.
මම කම්ප යනතුරු ගෙදර නිකම් ඉන්න හන්ද උසස් පෙල ලමයින්ට ශුද්ධ ගනිතය සහ ව්‍යවහාරික ගනිතය ඉගැන්නුව. ඒ ඉගෙන ගන්න එන අයටත් මම නිතරම අයිය ගැන කියවනව. ඒ දෙවල් මම කරන්නෙ මතත් නොදැනිම. දවසක් මම උදේ වරුවෙ උගන්වනකොට අයිය අපේ ගෙදරට ආව. මගෙන් ඉල්ලීමක් නැතිවම අයිය අපේ ගෙදර එනවනම් මට දැනෙන්නෙ පුදුම සතුටක්. යථාර්තය නොවුනත් අය්යට මව දකින්න ආසවක් ඇති උනහම අපේ ගෙදරට එනව කියල තමයි මට ඒ වෙලාවල වලට හිතෙන්නෙ. අර ඉගෙන ගන්න අයත් ඉදිරියෙ අයිය අපේ ගෙදරට ආපු එක මට ලොකු ආඩම්බරයක් . මට හරිම සතුටුයි. අයියට ටිකක් අසනීප වගේ හන්ද සිංහල බෙහෙත් බඩු වගයක් ගන්න ටවුන් එකට යනවලු. ඉතින් මටත් මේ වගේ චාන්ස් එකක් ආයෙත් නොලැබෙන හන්ද එවෙලෙම පන්තිය නවත්වල අයිය එක්ක ටවුමට ගියා. අයිය එක්ක පාරවල් දිගේ ඇවිදගෙන යනකොට මට පුදුමාකර සතුටක් ලැබෙනව. මට අයියගෙ අතින් අල්ලගෙන යන්න තියෙනවනම්. තවමත් මම අයියගෙ අතින් අල්ලල නැහැ. ඔහොම ඉන්නකොට මට යුනිවර්සිටි ෂිලෙක්සන් ආව. මම විශ්ව විද්‍යාලයට තේරුනා. මට හරි දුකයි අයියව දාල ගමෙන් යන්න.. ඒ වුනත් කරන්න දෙයක් නැහැනෙ.
අයියත් දැන් ඉන්නෙ ඉක්මනට බඳින්න බලාගෙන. මට හිතේ දුක ඉවසගෙන ඉන්න බැහැ. නමුත් මොනව කරන්නද? අයිය බඳින එක මොන තරම දුකක් උනත් අයිය මගෙන් ඈත් වෙන එක මට ඉවසගෙන ඉන්න බැහැ. ඒ හන්ද අක්ක ගැන ඉරිසියාව හිතේ තියාගෙනම අයියත් එක්ක යාලුවෙක් වගේ ඉන්න මම තීරනය කලා. නමුත් මම හිතාගත්ත මට නොකිය විවාහ උනොත් මම අයියගෙන් අයින් වෙනව කියල. මොකද විවාහ වෙනව මදිවට ඒ බව මට නොකියන්නෙ මම එයාට විශෙශ පුද්ගලයෙක් නොවන හන්ද කියල මට හිතුන. කොහොම උනත් 1979 සැප්තැම්බර් මාසෙ මම ගමෙන් පිටත් වෙලා සරසවියට ගියා.