Wednesday, 19 March 2014

3. උසස් පෙල කරද්දී

3. උසස් පෙල කරද්දි

මම සාමාන්‍ය පෙල කලාට පස්සෙ වැඩිකල් හොස්ටල් එකේ හිටියෙ නැහැ. ගෙදරක නතරවුනා. ඒ හන්ද  උසස් පෙල ඉවර  කරල ඉවර වෙන තුරුම කාටවත් කියල ගලක් කප්පවගන්න බැරිවුනා. ඒ වුනාට මම නිතරම් මිනිස්සු ගැන හිතල අතේ ගැහැව්ව. මම උසස් පෙල කරන කාලෙ මම නතර වෙලා හිටියෙ ඉස්කෝලෙට ගොඩක් දුර නෑදෑ ගෙදරක. ඒ හන්ද මට බස් එකෙන් ඉස්කෝලෙ එන්න සිදුවුනා.  ඉතින් මම නිතර පාසැල් බස් එකෙන් ඉස්කෝලෙ ගියත් ටිකක් ඈත ඉඳල එන අය ආවෙ දුර ගමනාන්ත බස් වලින්. මගෙ පන්තියෙ යාලුවෙකුත් ආවෙ දුර ඉඳල. ඉතින් දවසක් එයාගෙ ඉල්ලීමකට මමත්  බස් එකෙ ඉස්කෝලෙ ගියා. එදා තමයි ඒ බස් එකෙන් මම මුලින්ම ඉස්කෝලෙ ගියෙ. ඒ බස් එකෙ යනකොට මට තේරුනා ඒ බස් එකේ කොන්දොස්තර අපේ පාසලේ ලමයි එක්ක හරිම යාලුයි කියල. ටිකට් කඩන ගමන් ලමයි එක්ක විහිලු කතා කියනව. ලමයිනුත් ඒ මිනිහට ආසයි.  ඒක මට අලුත් අත්දැකීමක් උනා. ඉන්පස්සෙ මමත් නිතරම ඒ බස් එකේම එන්න පුරුදු උනා. ටික දවසක් යනකොට මට ඒ කොන්දොස්තර ගැන මොකක්දෝ අමුතු හැඟීමක් හටගන්න පටන් ගත්ත. නමුත් අනෙක් ලමයි වගේ ඒ මිනිහ එක්ක කතා කරන්න මට ධෛර්යක් තිබුනෙ නැහ. මගෙ හිත ඇතුලෙ තියෙන්නෙ වෙනස් චේතනාවක් හන්ද වෙන්න ඇති මට ඒ සභකෝල ගතිය හිතට දැනුනෙ.  ඉතින් අනෙක් ලමයි කොන්දොස්තර එක්ක විහිලු තහලු කරනකොට මට හරිම ඉරිසියයි. ඒ කොන්දොස්තර ඒ කාලෙ අවුරුදු 32-35 වගේ වෙන්න ඇති. මට 16-17 වගේ වයස.  කොහොම උනත් මමත් ටික ටික කොන්දොස්තර එක්ක කතා කරන්න පුරුදු උනා. මිනිහ එතරම් ලස්සන කෙනෙක් නොවුනත් මට මහ අමුතු ආශාවක් ඒ මිනිහ ගැන හිතුන. මිනිහගෙ කමිසෙ උඩ හරියෙ ඇරිච්චි ටිකෙන් එලියට පැනල තිබුන කලුපාට මවිල් දැක්කහම මට ලොකු ආසාවක් හිතුන.  ඉස්කෝලෙ ඇරිල ඇවිත් බෝඩිමේ ඉන්නකොටත් මට මතක් වෙන්නෙම කොන්දොස්තර. ඊලඟ දවසෙ ඉස්කෝලෙ යනතුරු මට ඉවසුමක් නැහැ. ටික කලක් ඔහොම යනකොට ඒ මිනිහ  මගෙ එක්කත් කතා කරන්න පටන් ගත්ත. මම බස් එකට නැග්ගහම කොහොම හරි මිනිහ ඉන්න කිට්ටුවෙන්ම තමයි හිටගන්නෙ. මිනිහ ඉන්නෙ ෆුට්බෝර්ඩ් එකේ. මම ඒ ලඟම තියෙන පොල්ලෙ එල්ලිලා මිනිහ දිහාව බලාගෙන ඉන්නව. ඒ මිනිහ  අහක බලගෙන ඉන්න වෙලාවට මම මිනිහගෙ මවිල් ටික දිහාවයි පොට්ටනිය දිහාවයි තමයි බලාගෙන ඉන්නෙ. ටික ටික කල් යනකොට මට එ මිනිහව නොදක ඉන්නම බැරි තත්වෙට පත් උනා. කොන්දොස්තරල දුර ගමන් සේවා වල ඉන්නෙ දින 15යි. අනෙක් දින පහලොවෙදි වෙන කෙනෙක්. ඒකට එයාල කියන්නෙ රොස්ටර් එක කියල. දින පහලොවක් වැඩ කරල දින හතරක් නිවාඩු ගන්නව. මුලින් මම එහෙම දේවල් දැනගෙන හිටියෙ නැහැ. ඒ මිනිහ දකීනෙ නති හන්ද මට ඉවසගෙන ඉන්නත් බැහැ. ඒ දිනවල වැඩ කරන කොන්දගෙන් අහන්නත් මොකක්ද වගෙයි. නමුත් බැරිම තැන මම ඇහැව්ව. මම ඇහව්ව රිචඩ් අයිය වැඩට එන්නෙ නැත්තෙ ඇයි කියල. මිනිහ කිව්ව නිවාඩු කියල. කියල. මම ගොඩක් වෙලා හිතල හිතල දවස් දෙකකට පස්සෙ රිචඩ් අයියට ලියුමක් ලිවුව. ලියල අර මිනිහ අතේ ඩිපෝවට යැව්ව. මම ලියල යැව්ව අයිය නති හන්ද මුලු ඉස්කූල් බස් එකම පාලුයි ආයෙත් ඉක්මනට වැඩට එන්න කියල. 

ඉන්පස්සෙ මෙය මගෙත් එක්ක ටිකක් යාලු උනා. මිනිහගෙ ගෙදර විස්තර පවා මට කිව්ව. මිනිහට ලමයි දෙන්නෙක් ඉන්නව. ගෑනි නැටුම් ගුරුවරියක්. මම දැන් ඉන්නෙ පුදුම මනෝ ලෝකෙක. මට මේ මිනිහ නොදැක ඉන්නම බැහැ. ඔය කියන කාලෙදි එයාගෙ වයිෆ් ගිරාගම ගුරු අභ්‍යාශ විද්‍යාලයෙ පුහුනු වෙන කාලෙ. දවසක් ඒ ගෑනි අපේ බස් එකේම ඇවිත් ටවුන් එකෙන් බැහැල වෙන බස් එකකට මාරුවෙන්න ගියා. රිචඩ් අය්ය එයාගෙ බස් එකෙන් බැහැල ඇවිත් ඒ ගෑනිව අනෙක් බස් එකට නැග්ගුව. මට ඒක දැකල ගෑනි ගැන ඉරිසියාවක් ආව. මට හිතුන මගෙ හිතේ තියෙන දේවල්කවදාවත් ඉටුවෙන්නෙ නැහැ කියල. 

ඒ කාලෙ තමයි ජේ ආර් ගෙ ආන්ඩුව පත් උනේ. ජේ ආර්ගෙ ආන්ඩුව ආපු ගමන් චීනෙන් එක එක ජාති බඩු එන්න ගත්ත.අපි ජීවිතේට නොදැකපු අරුමෝසම් බඩු එන්න ගත්ත. ඉතින් මම සාපුවක දැක්ක චීන  සිගරැට් ලයිටර් එකක්. මාර ලස්සනයි. ඒක දැකපු වෙලාවෙ ඉඳල මට ආසාවක් ආව ඒක රිචඩ් අයියට තෑගි දෙන්න. නමුත් ඒ කාලෙ ඒක ලොකු ගනනක්. මම ගෙදරට බොරු වගයක් කියල සල්ලි ටිකක් ඉල්ලගෙන ඒක අරන් රිචඩ් අයියට දුන්න. එයා ඒක භාර ගත්තත් විශේශ සතුටක් පෙන්නුවෙ නැහැ. ඉතින් මට හරිම දුකයි. මම එයාගෙන් බලාපොරොත්තු උනේ තෑග්ග ලැබුනට පස්සෙ මට විශේශ සැලකිලි කරයි කියල. නමුත් එහෙම දෙයක් උනේ නැහැ.  

උසස් පෙල විභාගෙ ලංවෙනකොට අපි ඉස්කෝලෙ නතර වෙලා කට්ටිය එකට පාඩම් කලා. අපි උදේට රිචඩ් අය්යගෙ බස් එකෙන් ඉස්කෝලෙ ගියත් ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ඒ බස් එක එන්නෙ නැහැ. කොලඹ ඉඳල එන ඒ බස් එක අපේ ඉස්කෝලෙ ලඟට එන්නෙ හවස 5:30 ට විතර. මේ දවස් වල හවස පාඩම් කරන්න ඉන්න හන්ද රිචඩ් අය්යගෙ බස් එකෙන් ආපහු එන්න පුලුවන් හන්ද මම ආසාවෙන් පාඩම් කරන්න නවතිනව. මට උවමනාව තිබුනෙ රිචඩ් අය්යව හවසත් දැකගන්න විතරයි. පාඩම් කරන එකනම් කොහේදිත් කරන්න පුලුවන්නෙ.  දවසක් මම මෙහෙම එනකොට ඒ බස් එකේ සෙනග හිටියෙ නැහැ. ගොඩක් අය මගදිම බැහැල ගිහින්. රිචඩ් අය්ය පිටිපස්සෙම සීට් එකේ ඉඳගෙන දවසෙ ආදායම එකතු කරනව. මමත් ගිහින් අයිය ලඟින්ම වාඩි උනා. දැන් අපි දෙන්න කතා කර කර යනව. මගෙ හිත කියනව රිචඩ් අය්ය දැන් මගෙ අත අල්ලයි දැන් මගෙ අත අල්ලයි කියල. මට හෙනට නැගල. මට හරිම තරහයි දුකයි. ගල් කොල්ලෙක් ලඟ වාඩිවෙල ඉද්දිත් මේ යකා කිසිම දෙයක් කරන්නෙ නැහැ. මට දැනෙනව මගෙ එක ප්‍රී කම් වලින් හොඳටම් තෙත් වෙනව. අනේ මගෙත් කරුමෙ මම බහින තුරුම රිචඩ් අය්ය කිසිම දෙයක් කලේ නැහැ. නමුත් රිචඩ් අයිය ලඟ වාඩිවෙල කතා කර කර එන්න ලැබුනු එක ගැන මට පුදුම සතුටක් තිබුන. බෝඩිමට ඇවිත් මුලින්ම කලේ ටොයිලට් එකට ගිහින් රිචඩ් අයිය මතක් කර කර අතේ ගහපු එක. 

විභාගෙ ඉවර වෙලා ගෙදර ඉන්න කාලෙ මට රිචඩ් අය්ය නොදැක ඉන්නම බැහැ. නමුත් ඉස්කෝලෙ කාලෙ ඉවර හන්ද ඒ පැත්තෙ යන්න ගෙදරට කියන්න දෙයකුත් නැහැ. බැරිම තැන මම බොහොම අමාරුවෙන් ගෙදරින් අවසරේ ගත්ත ඉස්කෝලෙ යාලුවෙකුගෙ ගෙදර යන්න. මම ප්ලෑන් කලේ හවස රිචඩ් අය්යගෙ බස් එක එනතුරු ඉඳල ඒ බස් එකෙන්ම යාලුවගෙ ගෙදර යන්න. මම දන්නව එ බස් එකෙ ගිහින් යාලුවගෙ ගෙදරට යන්න වෙන්නෙ රෑවෙලා කියල. නමුත් මොනව කරන්නද? ඕනි දෙයක්  උනාවෙ කියල මම ගියා. ඒ යනකොට මම අපෙ ගෙදරින් ලොකු රටකජු පාර්සල් එකක් අරන් ගියා. මම ගෙදරට කිව්වෙ යාලුවගෙ ගෙදරට කියල. නමුත් මට ඕනි උනේ රිචඩ් අය්යට දෙන්න. ඉතින් මගෙ සැලසුම අනුවම රිචඩ් අයියගෙ බස් එකේම යන්න ලැබුන. රිචඩ් අය්යත් හිටිය. මට හරි සතුටුයි. අය්යව දැක්කෙ මාස ගානකට පස්සෙ. මම වීරය වගේ රටකජු පර්සලේ අරන් ආවට රිචඩ් අයියට දෙන්න බයයි. මිනිහ මොනව හිතයිද කියල බයකුත් ලජ්ජාවකුත් මට තිබුන. මට කියන්න අමතක උනා මගෙ යාලුවගෙ ගෙඩර යන්නෙ රිචඩ් අය්යගෙ ගෙදර පහු කරල. රිචඩ් අය්යගෙ ගෙදර තියෙන්නෙ මහ පාර අයිනෙමයි. එ හන්ඩ මගෙ යාලුව රිචඩ් අය්යගෙ ගෙදර තියෙන තැන දන්නව. දවසක් එයාගෙ ගෙදර යනකොට අර තියෙන්නෙ අපි පාසල් යන බස් එකේ කොන්දොස්තරගෙ  ගෙදර කියල මට පෙන්නුව. දැන් බස් එක රිචඩ් අය්යගෙ ගෙවල් වලටත් කිට්ටුයි. මට තවම පාර්සලේ දෙන්න ගට නැහැ.  බස් එක රිචඩ් අයියගෙ ගෙදර ඉස්සරහ නැවැත්තුව. රිචඩ් අය්ය කොහෙන්ද රබර් දර මිටි දෙකක් ඒ දෙක ගෙදර බාන්නයි ගේ ඉස්සරහ නැවැත්තුවෙ. ඒ වෙලාවෙ මට ලෙහෙසියෙන්ම පාර්සලේ අයියට දෙන්න තිබුන. ඒත් ගට නැහැ. රිචඩ් අයිය බස් එකට නැගපු ගමන්ම බස් එක ඉස්සරහට ඇද්දුව. මට කරන්න දෙයක් නැහැ. මම රිචඩ් අය්යට කිව්ව මේ පර්සලෙ අය්යට කියල ජනේලෙන් පාර්සලේ එයාලගෙ ගෙදරට විසිකලා. ඉන්පස්සෙ මම රිචඩ් අයියට කිව්ව ඒ පර්සලේ තියෙන්නෙ රටකජු කියල. 

දැන් විභාගෙ ඉවරවෙලා මාස දෙකකටත් වැඩියි. ගමේ ඉඳන් කරන්න දෙයකුත් නැහැ. රිචඩ් අයියව මතක් වෙනකොට ඉවසගෙන ඉන්නත් බැහැ. රිචඩ් අය්යගෙ පපුවෙ මවිල් මතක් කර කර දවසකට කීප වතාවක්ම අතේ  ගහනව. ඉවසගෙන ඉන්න බැරිම තන මම ගෙදරට කිව්ව ගල්කිස්සෙ ඉන්න බාප්පලගෙ ගෙඩර ගිහින් එන්න යන්න ඕනි කියල. ටිකක් කෙඳිරි ගානකොට ගෙදරින් අවසරේ ලැබුන.  මට කෙලින්ම එක බස් එකකින් කොලඹ යන්න පුලුවන් උනත් මම සැලසුම් කලේ වෙන බස් එකකින් ඉස්කෝලෙ ලඟට ගිහින් රිචඩ් අය්යලගෙ බස් එකෙන් කොලඹ යන්න. සැලසුමේ හැටියටම මට අයියගෙ බස් එකේ යන්න පුලුවන් උනා. මාස ගනනකට පස්සෙ අයියව දැකගන්න ලැබුන හන්ද මට හරිම සතුටුඉ. රිචඩ් අයියත් මගෙත් එක්ක හොඳින් කතා කලත් මමත් අනෙක් අය වගේම නිකම්ම නිකම් මගියෙක් විතරයි. බස් එකේ ඉඩ තිබුනත් මම අයිය එක්ක කතා කර කර යන්න ඕනි හන්ද ෆුට්බෝඩ් එක ලඟම හිටගෙන ගියා. අයිය ෆුට්බෝඩ් එකේ හිටගෙන පස්සෙ බිත්තියට හේත්තු වෙලා දකුනු කකුල ඉස්සරහ බිත්තියෙ  තියෙන පොඩි හිලට දාගෙන බැලන්ස් කරගෙන ඉන්නව. එතකොට එයාගෙ පොට්ටනිය තියෙන හරිය මට හොඳට පේනව. මම ඒක දිහාවම බලගෙන ගියෙ. ආසාවට  මට හොඳටම නැගල. මගදි බස් එක දවල්ට කන්න නැවත්තුව. මම හිතුව අයිය මටත් කන්න යන්න කතා කරයි කියල. නමුත් එයා එහෙම කලේ නැහ.මට හරි දුකයි. මම හිතුව කාල එනගමන් මට ටොෆී එකක්වත් අරන් එයි කියල. ඒව ඉතින් හීන විතරයි. කොහොම උනත් අයිය දිහා බල බලා  කොලඹට යන්න ලැබුනු එකත් ලොකු දෙයක්නෙ. බාප්පලගෙ ගෙදර ඉඳල ආපහු එන දවසෙත් මම ප්ලෑන් කලේ ඒ රූට් එකම පාවිච්චි කරන්න.  නමුත් මගෙ අවාසනාවට එදා  හිටියෙ වෙන කොන්දෙක්.

ඊට ටික කලකට පස්සෙ විභාග ප්‍රතිපල ආව. මම සරසවියට තේරුනා. ඉන්පස්සෙ කවදාවත් මට රිචඩ් අය්ය මුන ගැහිල නැහැ.  මගෙ කුළුඳුල් ඒක පාක්ෂික ආදරයත්  එතනින් අවසන් උනා. රිච්ඩ් අය්ය ජීවතුන් අතර හිටියත් දැන් ගොඩක් වයසක ඇති. එයගෙ ලමයිනුත් දැන් අවුරුදු 40 පැනපු අය. 

මේ අලුත් ටික මම එකතු කරන්නෙ 2019 ජනවාරි 17. මම දැන් අවුරුදු 10ක් තිස්සෙ ඔසී සුද්දෙකුට ආදරේ කරනව. ඒ විස්තර පසුව එන බ්ලොග් වල ඇති. එයාගෙ ආදරේ මහ පුදුම එකක්. එයා ජීවත් වෙන්නෙත් මම වෙනුවෙන්.  ඒ ගැන  හැම දෙයක්ම පසුව ලියන්නම්. මම 2017දි එයාව ලංකාවට එක්කර ගෙන් ගිහින් අපේ තාත්ත ඇතුලු පවුලෙ හැමෝටම අඳුන්වල දුන්න. මම එයාව ලංකාවෙ හැමතැනම එක්කර ගෙන ගියා. ඒ යනගමන් රිචඩ්ගෙ ගෙදරටත් ගියා. නමුත් එයා ගෙදර හිටියෙ නැහැ. දැන් ඒ ගෙදර ඉන්නෙ එයාගෙ පුතාගෙ පවුල. රිචඩ් අයිය බේරුවල එයාගෙ නෝනගෙ ගමේ පදිංචියට ගිහින්. 



1 comment:

  1. Hithen love karana ekath maara fun neda. Dan awa mathak weddi moko hitenne.
    Itin oyawa anduna ganna kamati. Koheda oya

    ReplyDelete