Wednesday, 26 March 2014

6. සරසවියට යාමට පෙර 2


6. සරසවියට යාමට පෙර

අය්යගෙ හැඩ රුව විජය කුමාරණතුංග  වගෙමයි. ඒ කාලෙ විජය කුමාරතුංග, රවින්ද්‍ර රන්දෙනිය වගේ අයට තරුණයො අතරෙ ලොකු පිලිගැනීමක් තිබුන. එයාල තමයි ජනප්‍රියම නළුවො. ඒ දවස්වල මම රවින්ද්‍රගෙ ෆිල්ම් බලල ඇවිත් රවින්ද්‍රගෙ පපුවෙ මවිල් ගැන හිත හිතා අතේ ගහනව. ගාමිනි ෆොන්සේකා ගැනත් එහෙමයි. මම දවසක් රවින්ද්‍රට ලිපියකුත් යැව්ව. රවින්ද්‍රගෙ අරක මාරෙට ඇති නේද කියල නිතරම මතක් කර කර අතේ ගැහැව්ව. අනේ මම ඒ වගේ කෙනෙකුගෙ පයියකින් සැප ගන්න පින් කරල නැහැ.


අයිය එදා අපේ ගෙදර නතරවෙලා ගියාට පස්සෙ  මම අය්යගෙ බස් එකේ යනකොට මගෙත් එක්ක කතා කරනව. බස් එක අපේ ගෙවල් ලඟින් යනකොට අපේ ගෙදර දිහාව බලාගෙන යනව. මට ඉතින් හරිම ආඩම්බරයි. 


ටික ටික අයිය මගෙත් එක්ක යාලු වෙනකොට මට හරිම ආඩම්බරයි. ආදරේ කියන එක හංගගෙන ඉන්න බැහැනෙ. ඉතින් මම පන්ති ගියහම අයිය ගැන එක එක දේවල් යාලුවොත් එක්ක කියවනව. ගමේ අනෙක්  යාලුවො එක්කත් අයිය ගැන කතා කරනව. අයිය ගැන කතා කරන එක හැර වෙන කතාවල් මගෙ තිබුනෙම නැති තරම්. මම එයාල එක්ක අයිය ගැන කතා කරනකොට මට හිතෙනව එයාල මගෙ ගැන ඉරිසියා ඇති කියල. ගෙදරිත් අම්ම එක්ක අයිය ගැන විස්තර කියනව. නමුත් අම්මවත් තාත්තවවත් මම සමලිංගික කියල පොඩ්ඩක්වත් සැක කලේ නැහැ. ඒකට හේතු උනේ මගේ කීකරු කමයි මගෙ ඉගෙන ගැනීමට තිබුනු දක්ෂතාවයයි වෙන්න ඇති. මොකද ඉස්සර කාලෙ අය කෙනෙක් සමලිංගිකනම් කුපාඩියෙක් වලත්තයෙක් හැටියට තමයි පිලිඅරන් තිබුනෙ. නමුත් මගෙ තිබුන චරිත ලක්ෂන අනුව කවුරුවත් මම නරක වැඩකරන කෙනෙක් කියල කීයටවත් හිතුවෙ නැහැ. හැබැයි ඉතින් දැන් උනත් මම පිරිමි සමග ලිංගික සම්බන්දකම් පවත්වන එක හැර කිසිම වැරදි වැඩක් කරන්නෙ නැහැ. සිගරට් බීම මත්පැන්බීම කීයටවත් කරන්නෙ නැහැ.

මෙහෙම ඉන්න අතරෙ කීප වතාවක්ම රෑ බස් එක නැති උන වෙලාවල් වල  අය්ය අපේ ගෙදර රෑ නැවතුනා. මමත් පන්ති ඇරිල එන්නෙ ඒ බස් එකේම හන්ද බස් එක නැති දවස වලට මම බලෙන්ම වගේ තමයි අය්යව අපේ ගෙදර එක්කරගෙන එන්නෙ. නමුත් ඒ එකම දවසකවත් කිසිම දෙයක් උනේ නැහැ. මම රෑ එලිවෙනක්ම්ම අය්යගෙ සුවඳ අඝ්‍රහනය කර කර එලිවෙනකම්ම අය්යට ලංවෙලා නිදා ගන්නව. උදේට අය්ය වැඩට ගියාට පස්සෙ මම අයියගෙ ලස්ස්න සුදු ඇඟ බඩ හෙම මතක් කර කර අතේ ගහනව. එලිවෙනකම්ම අයියට හේත්තු වෙලා නිදිමරපු හිටපු හන්ඳ ඊලඟ දවසෙ මට හෙනට නිදිමත එනව. නමුත් ගෙදර ඉඳන් කරන්න දෙයකුත් නැති හන්ද නිදාගත්ත කියල ගෙදරිනුත් ප්‍රශ්නයක් නැහැ. 


අපේ ගෙවල් කිට්ටුව ඉන්නව මහ රස්තියාදුකාර මිනිහෙක්. ඔය ටවුන් වල රස්තියාදු ගහන අය කොදොස්තරල එක්ක හරි යාලුයි. මම කීප වතාවක්ම දැක්ක ඒ මිනිහ අය්ය එක්ක කතාකර කර ඉන්නව. මට ඒකට හරිම ඉරිසියයි. මටවත් යාළුකරගන්න බැරි අයිය ඒ මිනිහ එක්ක යාළුවෙනවට මට හරිම දුකයි. ඒක මොන වගේ හැඟීමක්ද කියල විස්තර කරන්න අමාරුයි. ඒ අය්ය නතරවෙල ඉන්න ගෙදර නංගි කෙනෙක් ඉස්කෝලෙ එනව. මට බලාඉන්න බැරිම තැන මම ඒ නංගි අතේ අයියට ලියුමක් යැව්ව. මම ඒ ලියුමෙ ලියල ඇරිය අයිය පිට ගමකින් ආපු කෙනෙක් හන්ද මෙහෙ මිනිස්සු ගැන දන්නෙ නැහැ. මෙහෙ ඉන්න සමහර මිනිස්සු ආශ්‍රයට හොඳ අය නෙවෙයි. ඒ හන්ද පරිස්සමෙන් මිනිස්සු ආශ්‍රය කරන්න කියල. ඒ තමයි මම අයියට යවපු පලමු ලියුම. අලුත් අවුරුද්ද ලබනකොට දිනපොත් අලෙවිය ලොකුවට තියෙනවනෙ. ඉතින් තව දවසක් මම ඒ නංගි අතේ අයියට දිනපොතකුත් යැව්ව. ඒකෙ ලස්සන අකුරින් " අයියට මගෙන් තුටුපඬුරක්" කියල ලිව්ව. මට කෙලින්ම අයියට දිනපොත දෙන්න ධෛර්යක් තිබුනෙ නැත්තෙ ඇයි කියල මට හිතාගන්න බැහැ. මම එහෙම තෑග්ගක් යැව්වහම අයිය තනියම කල්පනා කරනකොට මගෙ ගැන යම්කිසි සිතිවිල්ලක් ඇතිවෙයි නේද කියල මට හිතුන. 

දවසක් මම හවස ටවුන් එකට ගිය වෙලාවක අයිය අහම්බෙන් ටවුන් එකේදි මුනගැහුන. අයිය කිව්ව බියර් එකක් බොන්න ඕනි රෙස්ට් හවුස් එක පැත්තට යමුද කියල. මම කීයටවත් හිතුවෙ නැහැ අය්ය බොන කෙනෙක් කියල. අනෙක මම කවදාවත් රෙස්ට් හවුස් එකට අඩිය තියලවත් නැහැ. මට හරි සන්තෝසයි අයියව දැකගන්න ලැබුනු එක ගැන. ඊටත් වඩා සතුටක් ආව රෙස්ට් හවුස් එකට යමුද කියල ඇහව්වහම. මම කොච්චරනම් පෙරුම් පිරුවද අයියත් එක්ක තනිවෙලා අයියගෙ මූන දිහාව ආදරෙන් බලාගෙන කතා කර කර ඉන්න. අද මට ඒ වාසනාව පෑදුනා. මගෙ හිත සතුටෙ දෝර ගලනව. ඉතින් අපි රෙස්ට් හවුස් එකට ගියා. අයිය බියර් එකක් ඕඩර් කරල මගෙත් එක්ක කතාකර කර බිවුව. අයිය කිව්ව බොන්නෙනම් නැහැ. ඒ උනත් ඉඳල හිටල බියර් එකක්නම් බොනව කියල. අයිය බොන්නෙ නැහැ කිවුවහම මට හරි සතුටුයි. මොකද මම බොන අයට කැමති නැහැ. අයිය සිගරැටුත් ගෙන්වගෙන බිවුව. මම අයිය බොන දිහාව සිගරැට් බොන දිහාව බලාගෙන හිටිය. මම කිසිදෙයක් කෑවෙවත් බිවුවෙවත් නැති උනාට අයිය ලඟට වෙලා හිටියෙ පුදුමාකාර සතුටකින්. අයියගෙ මූන දිහා කොච්චර වෙලා බලා හිටියත් මදි කියල හිතුන. ඇයියගෙ මූන ගොඩක් සුදුයි. කොන්ඩෙ නලුවෙකුගෙ වගේ උඩහට පීරල. රැවුල හොඳටම කපල. සුදු පාට මූනෙ කලුපාටට තිත් තිත් වගේ රැවුල් කොට පේනව. මට හිතෙනව මූන බදාගෙන ඒ කලුපාටට තියෙන තිත් ලෙවකන්න. බියර් බීල ඉවරවෙල අපි බස් ස්ටැන්ඩ් එකට ඇවිදගෙන ආව. ජෝඩුවක් වගෙ එහෙම ඇවිදගෙන යනකොට මට පුදුම සතුටක් ලැබුන. මට දහස් වරක් හිතුන අය්යගෙ අත අල්ලගෙනම ඇවිදින්න තියෙනවනම් කියල. 
තව දවසක් අයිය මට ටවුන් එකේදි මුන ගැහුන. එදා අයිය හිටියෙ තවත් කොල්ලෙක් එක්ක. අයිය කිව්ව එයාගෙ ගමේ නෑදෑ වෙන කෙනෙක් එයාගෙ නැන්දගෙ ගෙදර නවතින්න ඇවිත් කියල. නැන්දලට පොඩි කඩයක් තිබුන. ඒකෙ වැඩ කරන්නයි ඇවිත් තිබුනෙ. නමුත් ඒ කොල්ල අයියත් එක්ක ටවුන් එකේ හිටපු එකට මට හරියට දුක හිතුන. එයාල හිනහවෙවී කතා කර කර ඉන්නකොට මට හරියට ඉරිසියයි. මම ඔහේ බලාගත්තු දිහාවම බලාගෙන හිටිය. මගෙ වෙනස් වීම අයියට තෙරෙන්නත් ඇති. නමුත් එයා කොහොමද දන්නෙ මම එයාට ආදරේ කරනව කියල. ඒව ඔක්කොම තියෙන්නෙ මගෙ හිතේ විතරයිනෙ. එහෙම දෙයක් මගෙ හිතේ තියෙනව කියල අයිය දැනගත්තොත් මේ මොන විකාරයක්ද මට මොලේ අසනීපයක්, මානසික අසහනයක් කියල හිතයි.  ඒ කාලෙදි සමලිංගිකයෙක් කියන්නෙ මානසික අසහන කාරයෙක් හැටියට තමයි පිලිගැනීම තිබුනෙ. අයිය කිව්ව ෆිල්ම් එකක් බලන්නයි ආවෙ. මල්ලිත් එනවද කියල. මමත් පන්ති යෑම් නවත්වල අයියලත් එක්ක ෆිල්ම් එකට ගියා. අපි ගියෙ 6:30 ෂෝ එකට. මට හොන්දට මතකයි ඒ ෆිල්ම් එකේ නම "සිරිපතුල" . ෆිල්ම් එක බලන අතරෙ අයිය වාඩි වුනේ අපි දෙන්න අතර. කලුවර උනාට පස්සෙ මට අයියගෙ අත අල්ලනමයි හිතෙන්නෙ. නමුත් ඒකට ගට නැහැ. මම දහස් වාරයක් හිතුව අයිය මගෙ අත අල්ලනවනම් කියල. අනේ මන්ද මේ යකාටනම් කොල්ලො ගැහිල්ල ගැන කිසිම තෙරුමක් නැහැ වගේ. ඒවෙනකොට අයියට අවුරුදු 33යි. බැඳල නැහැ. ඒ හන්ද මට හිතුන අයිය ගල් කාරයෙක් වෙන්නත් ඇති කියල. කවදාවත් බැඳින්න ලැබෙන එකක් නැහැ කියල මට යටි හිතේ පොඩි සතුටකුත් තිබුන. 

ෆිල්ම් එක ඉවර වෙලා අපි ස්ටෑන්ඩ් එකට ආව. නමුත් බස් එක කැඩිල යන්නෙ නැහැ. ඒ හන්ද මම අයියට කිව්ව අද අපේ ගෙදර ඉම්මු කියල. ඒහන්ද අර කොල්ලයි අයියයි දෙන්නම අපේ ගෙදර නතර උනා. මගෙ ඇඳේ තුන් දෙනෙකුට නිදාගන්න බැරි හඳ මම ඒ දෙන්නට ඇඳ දීල මම බිම නිදාගත්ත. ඒ උනාට මට නින්ද යන්නෙ නැහැ. මට නිතරම හිතෙනව අයිය අර කොල්ලට ගල් කපයිද කියල. ඒ හන්ද එලිවෙනක්ම්ම නිදාගන්නෙ නැතිව එයාල දිහාව බලාගෙන හිටිය. නමුත් ඒ දෙන්න අතරෙ කිසිම දෙයක් උනේ නැහැ. නමුත් මට ඒ කොල්ල ගැන හරි ඉරිසියා හිතුන. ඉරිසියා හිතුන අනෙක් කාරනය තමයි ඒ කොල්ලත් මගෙ වයසෙම වීම. අයිය අපි දෙන්නට වඩා අවුරුදු 16ක් වැඩිමහල්අයිය ලඟින් නිදාගන්න ඒ කොල්ල කොච්චරනම් ඔඉන් කරල ඇද්ද කියල හිතුන. එයාල උදේට අපේ ගෙදරින් කාල යන්න ගියා. 
ඉන්පස්සෙ මේ කොල්ල අයියලගෙ නැන්දගෙ ගෙදර ඉන්න හන්ද මට හිතට හරිම වදයක්. කොයි වෙලාවක හරි අයිය ඒ කොල්ල එක්ක සෙට් වෙයි කියල හිතේ ලොකු බයක් තිබුන.  ඒ විතරක් නෙවෙයි අයිය එක්ක මොන පිරිමිය කතා කලත් මට ලොකු බයක් හිතට ආව. මට හිතෙන්නෙම අයිය ඒ කොල්ලො එක්ක සෙට් වෙයි කියල. 

දවසක් අයිය උදේ පාන්දරම අපේ ගෙදර ආව. මට හරිම සන්තෝසයි. උදේ පාන්දරින්ම අයියගෙ සිරියාවන්ත මූන දැක ගන්න තියෙනවනම් මොන තරම් සතුටක්ද. මගෙ සතුට ඉවවහ ගිහින්. ලස්සනට ඉර පායපු ලස්සන දවසක් වගෙයි. අර කොල්ල නැන්දගෙ ගෙදරින් සල්ලි වගයකුත් හොරකම් කරගෙන පැනල ගිහින්ලු. බැරි වෙලා හරි අපේ ගෙදර ආවොත් කියල බය හිතිලලු බලන්න ආවෙ. මටනම් මේ ආරන්චිය ලැබුනු ගමන් පුදුම සතුටක් ආව. දැන් ඉතින් මට හිතේ සැකයක් නතිව සතුටින් ඉන්න පුලුවන්. ඒ වුනත් අයිය එක්ක තවත් කොච්චර නම් එවුන් කතා කරනව්ද. උන් ටිකත් ඔක්කොම නැතිවෙනවනම් කියල මට හිතුන. 


ඊට ටික දවසකට පස්සෙ මට කැම්පස් සිලෙක්සන් ආව. ඒක ලැබුනු ගමන් මම මුලින්ම කලේ අර නංගිගෙ අතේ අයියට පනිවිඩේ යවපු එක. අයිය ඊලඟ දවසෙ උදෙන්ම ඇවිත් මට ශුභ පතල ගියා. 


No comments:

Post a Comment